ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ප්‍රමාද වී ආ පුටින්ගේ සුබ පැතුම – ට්‍රම්ප් පත් කළ පළමු පත් කිරීම

අමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් දෙවැනි වරටත් ධුරයට පත් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හට රුසියානු ජනාධිපති ව්ලොද්මීර් පුටින් සුබ පතා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලය, ප්‍රංශය, ඉන්දියාව, ජපානය ආදි ප්‍රබල රාජ්‍ය නායකයින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළ ද, මෙතෙක් රුසියානු බලවතාගේ සුබ පැතුම එක් නොවීම කතාබහට ලක් වෙමින් පැවති කාරණයක් බවයි.

අමෙරිකාව සහ රුසියාව අතර දේශපාලනික සහ න්‍යෂ්ටික ශක්තිය පිළිබඳව දිගු කාලයක සිට පවතින නොවිසඳුණු සහ සීතල යුද්ධය මීට හේතු වී තිබෙනවා.

කෙසේවෙතත් CNN මාධ්‍ය වාර්තා කරන පරිදි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන තෙක් බලා සිටින බවයි.

ට්‍රම්ප්ගේ අන්තර්ජාතික දේශපාලනික සබඳතා පිළිබඳව තමන් විමසිල්ලෙන් පසුවන බව ද පුටින් පවසා තිබෙනවා.

කෙසේවෙතත් ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ පුටින් හට අමෙරිකාවට සුබ පැතීමට කිසිදු සැලසුමක් හෝ බලාපොරොත්තුවක් නොතිබූ බවයි.

මේ අතර ට්‍රම්ප් සිය ධවල මන්දිරයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානිය ලෙස සුසී විල්ස් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රචාරක කළමනාකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වන සුසී විල්ස්
මෙලෙස පත් කර ඇති බවයි පැවසෙන්නේ.

ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමෙන් පසු කරන ලද පළමු පත්කිරීම ද මෙය වනවා.

ජනාධිපතිවරයාගේ කාර්‍යය මණ්ඩලය ප්‍රධානිය වශයෙන් සුසී විශාල වශයෙන් දේශපාලනික බලපෑමක් එකී යාන්ත්‍රණයට සිදු කරනු ලබන ධුරයක් වන අතර ජනාධිපතිවරයාගේ සෑම රාජකාරි කටයුත්තකට ම වේලාව සහ කාලසටහන සංවිධානය කරන්නේ මෙම තනතුරයි.

67 හැවිරිදි විල්ස් ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරන පළමු කාන්තාව වනු ඇති.

සුසී දැඩි, බුද්ධිමත්, නව්‍ය, සහ විශ්වීය වශයෙන් අගය කරන සහ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියක්..” ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

ඇය අපේ රට ආඩම්බරයට පත් කරනු ඇති බවට මට සැකයක් නැහැ..” යනුවෙන් ට්‍රම්ප් ඇයට ධුරය ප්‍රදානය කරමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ධවල මන්දිර කාර්යය මණ්ඩලයට අත්දැකීම් රහිත කාන්තාවක් පළමු වරට පත් වූයේ ද මෙවර බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06