ටවර්හෝල් රඟහල පදනමේ ඉදිරි සැලසුම් පිළිබඳ අවධානය

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ටවර්හෝල් රඟහල පදනමේ ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බලා තිබෙනවා.

2023 වසරේ සිට නොමිලේ විදුලිය ලබාදීම අත්හිටුවා ඇති බැවින් අමතර මිලියන 57ක මුදල් ප්‍රමාණයක් විදුලි බලය සහ වැටුප් ගෙවීම සදහා අවශ්‍ය බවයි ටවර්හෝල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

ටවර්හෝල් රඟහල පදනමට අයත් සව්සිරිපාය ගොඩනැගිල්ලේ කිසිදු ගෙවීමකින් තොරව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය රැඳී සිටීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි ටවර්හෝල් රඟහල පදනමේ ඉදිරිකටයුතු පිළිබඳ සාකච්ඡා වූයේ.

2024 වසර අභියෝගාත්මක වසරක් බව පෙන්වා දුන් ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. එම්. එස් දිසානායක මහතා ප්‍රකාශ කළේ ආයතනයේ 2024 වසර සදහා අපේක්ෂිත ආදායම සහ වියදම යන ද්විත්වයම රුපියල් මිලියන 169.5ක් බවයි. ටවර්හෝල් රඟහල 1992 වසරේ සිට විදුලි ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබුණද 2023 වසරේ සිට විදුලි බලය සඳහා ගෙවීම් කිරීමට සිදුව ඇති බැවින් අමතර මිලියන 57ක මුදල් ප්‍රමාණයක් විදුලි බලය සදහා සහ වැටුප් ගෙවීම වෙනුවෙන් යොදා ගැනීමට සිදුව ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදී තිබෙනවා. මේ අනුව එම මුදල් පදනම විසින් උපයාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ටවර්හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන නාට්‍ය හා රංගකලා පාසැලේ කටයුතු පිළිබදව ද අවධානය යොමු වී තිබෙනවා. මේවන විට දමිල මාධ්‍යයෙන් ද පාඨමාලාවක් ආරම්භ කිරීමට හැකිවීමත් එය යාපනය ඇතුළු ප්‍රදේශවල වඩාත් ජනප්‍රියවී ඇති බව පෙන්වා දෙනු ලැබුවා. මෙම පාඨමාලා ඇතුළු පදනමේ කටයුතු සම්බන්ධයෙන් විධිමත් ලෙස ප්‍රධාන මාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. එහිදී මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයන් අදහස් දැක්වූ අතර ඔවුන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි නිලධාරීන් සඳහන් කළේ.

ටවර්හෝල් රඟහල පදනමට අයත් සව්සිරිපාය ගොඩනැගිල්ලට අදාළව කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සමග පැවති ගිවිසුම 2016 වසරේ අවසන් වුව ද මේවන තෙක් කිසිදු ගෙවීමකින් තොරව ඉදිකිරීම් එම අධිකාරිය රැඳී සිටිම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ හේතුවෙන් ආයතනයට ආදායමක් ලැබීමට ඇති අවස්ථාව මඟහැරී ඇති බව ද ටවර්හෝල් පදනමේ නිලධාරීන් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන බවයි කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා කියාසිටියේ.

ටවර්හෝල් පදනම විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසැල් නාට්‍ය තරගාවලියේදී රංගනයට අමතරව නිෂ්පාදන කටයුතු සියල්ල සිදුකිරීමට ද සිසු දරු දැරියන්ට ඉදිරි තරගාවලියේ සිට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බව මෙහිදී අනාවරණ වුණා.

මීට අමතරව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිඳබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53