ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල සුපිරි නැවක් මංගල ගමනට සැරසෙයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසින් සැළකෙන “අයිකන් ඔෆ් ද සීස් ” එහි පළමු සංචාරකයන් පිරිස පිළිගැනීමට සූදානම් බව වාර්තා වනවා.

අඩි 1,198ක් දිග, ටොන් 250,800ක් බර “අයිකන් ඔෆ් ද සීස්” සුඛෝපභෝගී මගී නෞකාව එහි අත්හදා බැලීමේ ගමනේ කොටසක් ලෙස පුවර්ටෝ රිකෝහි පෝන්ස් වරායේ නැංගුරම් ලා තිබෙනවා.

තට්ටු 20කින් සමන්විත මෙම නෞකාව මංගල ගමනේදීම අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ පෑ ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාලයි.

රෝයල් කැරිබියන් කෲස් ලයින් සමාගම විසින් ඩොලර් බිලියන 2ක් වැයකර ඉදිකළ මෙම නෞකාව, පිහිනුම් තටාක හයක් සහ ලොව ඕනෑම සංචාරක නෞකාවක ස්ථාපිත විශාලතම මුහුදු ජල උද්‍යානයෙන් සමන්විතයි.

එහි මංගල ගමන ජනවාරි 27 වැනිදා ෆ්ලොරිඩාවේ මියාමි වෙතින් කැරිබියන් දූපත් වටා රාත්‍රී හතක සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
71
+1
4
+1
32
+1
31
+1
7
+1
4
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46