ඥානකතාවකින් මැරුණු හුනෙකුගේ තැම්බුනු සිරුරක් හමුවෙයි (වීඩියෝ)

වෙළඳසැලකින් අලෙවි කර තිබූ ඥානකතාවකින් හුනෙකු හමු වීමේ සිද්ධියක් කල්ලංචියාගම, ඉපලෝගම ප්‍රදේශයේ වාර්තා වෙනවා.

කල්ලංචියාගම ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මික ශීල්පියෙකු හා ඔහුගේ සහයකයා තේ පානය සඳහා කල්ලංචියාගම ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් ඥානකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබෙනවා.

ඔවුන් එය සිය නවතැන්පල වෙත රැගෙන ගොස් තේ පානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥානකතා ආහාරයට ගැනීමට සූදානම්ව තිබුණු අතර එම අවස්ථාවේ එම පැකට්ටුවේ තිබූ එක් ඥානකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමුව තිබෙනවා.

ඒ අනුව, මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥානකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළදසැල්හිමියා ද දැනුවත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥානකතා දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පිහිටි එකක් වන අතර එම ඥානකතා පැකට්ටුවේ ඛාණ්ඩ අංකය ලෙස 045 යනුවෙන් සඳහන් වන අතර එහි නිෂ්පාදිත දිනය 24 පෙබරවාරි 14 ලෙස සඳහන්ව පවතින අතර කල් ඉකුත්වීමේ දිනය ලබන මැයි මස 29 ලෙස සඳහන්ව තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥානකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කිරීමත් සමඟ උරණ වි ඇති එම ඥානකතා අලෙවි කළ බව කියන වෙළදසැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද (19) දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී තිබුණා.

ඒ එම වඩුකාර්මික ශිල්පියා හා සහයකයා කල්ලංචියාගම ප්‍රදේශයේ ස්ථානයක සේවයේ නිරතව සිටිය දී එම සේවා ස්ථානය වෙත කඩාවදිමින්ය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අදාළ වෙළදසැල් හිමියාගේ පාර්ශවයෙන් තමන්ට එල්ලවූ මෙම පහර දීම සම්බන්ධයෙන් එම පහර කෑමට ලක්වූ වඩුකාර්මික ශිල්පියා හා ඔහුගේ සහයකයා විසින් ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ දෙදෙනා විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය වෙත කර ඇති පැමිණිල්ල සම්න්ධයෙන් කාර්යාලයෙන් කළ විමසීමකදී ඊට පිළිතුරු දුන් උසස් නිලධාරියකු කියා සිටියේ, මිනිස් පරිභෝජනයට නුසුදුසු එම ආහාර අලෙවිය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් ආහාර පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි.

මින් පෙරද ආහාර පනත උල්ංඝනය කිරීම සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදන ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර පහරකෑමට ලක්වූ පුද්ගලයින් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Image 2024 02 19 at 14.34.27 1
WhatsApp Image 2024 02 19 at 14.34.26 1
WhatsApp Image 2024 02 19 at 14.34.26


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35