spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඥාති සොහොයුරන් ගැටී අයෙක් ජීවිතක්ෂයට

ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇති බව මිරිහාන පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කෝට්ටේ, මිරිහාන, ගල්වල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (23) අලුයම් කාලයේ දී දෙපාර්ශ්වය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම පිහි ඇණුම සිදුව ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධන සැකකරු මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇති බවට තොරතුරු වර්හ වනවා.

මිරිහාන මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?