spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉව‍ත්ව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තවත් එංගලන්ත ක්‍රීඩකයෙක් ඉවත්ව තිබෙනවා.

එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වුණේ රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කළමනාකරණය කර ගැනීමට සහ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින්.

ජෝ රූට් 2024 තරගාවලිය සඳහා ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් රඳවා ගැනීමට තීරණය කර තිබූ පසුබිමකයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් රූට් මෙම තීරණය ගැනීමට හේතුව ප්‍රකාශ කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර ජෝ රූට්ගේ තීරණය සම්බන්ධයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පැවසුවේ ඔහුගේ එම තීරණයට කණ්ඩායමක් ලෙස ඔවුන් ගෞරව කරන බවයි.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වනදා පැවැත්වෙන අතර, කණ්ඩායම් වලට ඔවුන්ගේ රඳවා ගැනීමේ ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් (26) අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?