ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉව‍ත්ව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තවත් එංගලන්ත ක්‍රීඩකයෙක් ඉවත්ව තිබෙනවා.

එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වුණේ රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කළමනාකරණය කර ගැනීමට සහ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින්.

ජෝ රූට් 2024 තරගාවලිය සඳහා ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් රඳවා ගැනීමට තීරණය කර තිබූ පසුබිමකයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් රූට් මෙම තීරණය ගැනීමට හේතුව ප්‍රකාශ කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර ජෝ රූට්ගේ තීරණය සම්බන්ධයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පැවසුවේ ඔහුගේ එම තීරණයට කණ්ඩායමක් ලෙස ඔවුන් ගෞරව කරන බවයි.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වනදා පැවැත්වෙන අතර, කණ්ඩායම් වලට ඔවුන්ගේ රඳවා ගැනීමේ ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් (26) අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10