ජෝර්දානයේ වසා දැමූ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සිට ශ්‍රී ලාංකිකයින් 66 ක් දිවයිනට (ඡායාරූප)

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා වසා දැමීමට ලක්ව තිබීමෙන් එම කම්හල්වල අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නැමැති මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවෙකුටත් නොදන්වා පළා යාම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික, බංගලදේශ, ඉන්දීය සහ නේපාල ජාතික සේවකයින් වැටුප්, ආහාරපාන, ජලය, විදුලිය නොමැතිව අසරණ වී තිබෙනවා.

එහිදී මෙම කර්මාන්තශාලාවලින් ජැකට් සහ ටී ෂර්ට් මිළදී ගත් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු මෙම කර්මාන්තශාලා සේවකයින්හට අවශ්‍ය පහසුකම් සළසා දෙමින්, එම සේවකයින්ට තම මව් රට බලා යනතෙක් උදව් උපකාර කර ඇති බව සඳහන්.

මෙම කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී, විශේෂඥ නීතීඥ සහාය ලබා දෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එකගතා ඇති කර ගනිමින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, මෙම ශ්‍රී ලාංකික සේවකයින් හට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර,හිග වැටුප්, නිවාඩු සඳහා ගෙවන වැටුප්, සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නොමැතිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාදයන් හිමි වී තිබුණි.

මෙහි දී අදහස් දැක්වූ මාතර බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කියා සිටියේ,

“හිටි හැටියේම අපේ කර්මාන්තශාලාවේ අයිතිකරු , අපට නොදන්වා අතුරුදහන් වුනා. කොහේ ගියා ද කියලා අපට හොයා ගන්න බැරි උනා. එයාගෙ ෆෝන් එක ආන්සර් කළේ නැහැ. මෙම ඒ ෆැක්ටරියේ කාර්යාලයේ වැඩ කළේ. අපිට මාස 09ක් විතර පඩි ලැබුණෙ නැහැ. අපේ ළමයි ස්ට්‍රයික් කළා. පාරට ඇවිත් උද්ඝෝෂණය කළා. අපිට ජෝර්දාන පොලිසිය ගැහුවා” බවයි

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට අද (09) දින අලුයම ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් ද , තවත් 05 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේම ජෝර්දානයේ වසා දැමූ කර්මාන්තශාලාවේ සේවය කළ ඉතිරි ශ්‍රී ලාංකිකයන් පිරිස ද ඉදිරි දින දෙක තුළ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටියී.

මීට අමතරව ඩුබායි සිට එරට තානාපති කාර්යාලයේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17 දෙනෙකු ද අද (09) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

20240209 034014 1 scaled
20240209 033153 1 scaled
20240209 034045 scaled
20240209 033833 scaled
20240209 032705 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56