ජොහැන්නස්බර්ග් ගින්නෙන් මියගිය ගණන 73 දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් තිබෙනවා.

මේවන විට මියගිය 73 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර මාස 18 ක් වයසැති ළදරුවෙකු ඇතුළු ළමුන් හත් දෙනෙකු සිටින බව ජොහැන්නස්බර්ග් හි හදිසි කළමනාකරණ සේවය ප්‍රකාශ කළා.

නගර මධ්‍යයේ ඇති මහල් පහකින් යුත් ගොඩනැගිල්ල භාවිතා කරනු ලබන්නේ අනවසර පදිංචිකරුවන් පිරිසක් විසින් බව සඳහන්.

ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අපැහැදිලි බවයි බලධාරීන් පවසන්නේ.

ගිනි නිවන භටයින් පැමිණීමත් සමඟ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර මළ සිරුරු සෙවීම සහ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මූලික වාර්තාවලට අනුව මෙම ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවන් වැඩි වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14