spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජොහැන්නස්බර්ග් ගින්නෙන් මියගිය ගණන 73 දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් තිබෙනවා.

මේවන විට මියගිය 73 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර මාස 18 ක් වයසැති ළදරුවෙකු ඇතුළු ළමුන් හත් දෙනෙකු සිටින බව ජොහැන්නස්බර්ග් හි හදිසි කළමනාකරණ සේවය ප්‍රකාශ කළා.

නගර මධ්‍යයේ ඇති මහල් පහකින් යුත් ගොඩනැගිල්ල භාවිතා කරනු ලබන්නේ අනවසර පදිංචිකරුවන් පිරිසක් විසින් බව සඳහන්.

ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අපැහැදිලි බවයි බලධාරීන් පවසන්නේ.

ගිනි නිවන භටයින් පැමිණීමත් සමඟ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර මළ සිරුරු සෙවීම සහ බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මූලික වාර්තාවලට අනුව මෙම ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවන් වැඩි වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?