ජොලි සීයාගේ දුවගේ පුදුම හිතෙන අමුතු කේන්දරේ

* මගේ කේන්දරේ

පුංචි කාලෙ ඉඳලම තිබුණෙ අම්ම ගාව. මම දන්න විදියට අම්ම ඒක ගොඩක් පරිස්සම් කළා. වැරදිලාවත් ඒක මගේ අතට අහුවෙන්න තියල නෑ. අද වෙනකොට මගේ කේන්දරේ තියෙන්නෙ මහත්තයගෙ අම්ම ගාව. අපේ විවාහය වෙලාවෙ බලවන්න දීපු ගමන්. දැන් මගේ නැන්දම්මා බොහොම සුරක්ෂිතව කේන්දරේ ඇගේ බාරෙ තියාගෙන ඉන්නවා.

* කේන්දර ගැන මොකද හිතන්නෙ

සිංහල බෞද්ධ අපට ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන අපි උපදින වෙලාවට අනුව හදන ලියවිල්ලක්නෙ කේන්දරේ කියන්නෙ. ඒ කාලෙ ඉතින් ඕක හරහා ජීවිත කාලය පුරාම අදාළ කෙනා ගැන විවිධ අනාවැකි ඒ හරහා බලවගන්නවලූ. ඒත් අද දවසේ ඒ දේවල් කොයි තරම් දුරට නිවැරදි ද කියල නම් මම දන්නෙ නෑ. කොහොම වුණත් කෙනෙකුට කේන්දරයක් නැහැයි කියනවට වඩා තියෙනව කියල කියන්න තියෙනම් හොඳයි කියල මම හිතනවා. හැබැයි ඒක සත්‍ය තොරතුරුවලට අනුව සැකසුණු එකක් වෙන්න ඕන.

* ප‍්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?

තවම නම් මට කේන්දරේ ප‍්‍රයෝජනයට අරගෙන දෙයක් කරන්න අවස්ථාව උදා වෙලාම නැහැ. මොකද ගෙදර ඉන්න කාලෙ ඒ දේවල් අම්ම කළා. විවාහයෙන් පස්සෙ ඉබේම ඒ කටයුත්ත නැන්දම්ම භාරගෙන කරනවා. ඒ නිසා මම තාම ඒ කටයුතුවලින් නිදහස්.

* අපල කාල ගැන විශ්වාස කරනවද?

මේ ලොකෙ උපදින ඕනම කෙනෙක් හොඳ දේවල් කළොත් හොඳ ප‍්‍රතිඵලයත් නරක දේ කළොත් අයහපත් ප‍්‍රතිඵලත් ලැබෙන එක ගැන වගේම අපිට වෙන්න තියෙනව නම් දෙයක් හොඳ හෝ නරක දේ සිද්ධ වෙනව කියන එක මම ගොඩක් විශ්වාස කරනවා. ඒ දේවල් කෙනෙකුට වෙන්නෙ අපල කාලෙදීද කියන එක නම් මම දන්නෙ නෑ.

bfff

* නැකැත් අනුගමනය කරනවද?

විශේෂ අවස්ථාවලදි වැඩිහිටියො හදවල දෙන නැකැත්වලට අනුව අපි වැඩ කරනව කියන්නෙ ඉතින් නැකැත් අනුගමනය කිරීමනෙ. විවාහය දවසෙ අනුගමනය කළා වගේම මගේ ගේ හදන්න පටන් ගත්තෙ නැකැත්වලට අනුව. ඔය අතරෙ විශේෂම දේ තමයි මට පුතා ලැබෙන්න ඉන්න වෙලාවෙ ඩොක්ටර් කිව්වා අනිවාර්යෙන්ම සීසර් කරලා තමයි බබාව ගන්න වෙන්නෙ. ඔයා හොඳ නැකතක් බලව ගන්න කියල. ඒ අනුව අපිම හදාගත්තු සුබ වෙලාවකදී පුතාව මේ ලෝකෙට එකතු කර ගත්තා.

* දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය

බුදුරජාණන් වහන්සේ කියල උත්තමයෙක් මේ ලෝකෙ හිටිය කියල වගේම බෞද්ධ දර්ශනය ගැන මම ගොඩක් විශ්වාස කරනවා. ආගමට දහමට අනුව ජීවත් වෙනව. බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙන අවස්ථා තියෙනවා.

* පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන

ඒ ගැන නම් මගේ විශ්වාසයක් නෑ. අද වැඩිපුරම කෙරෙන්නෙ ඔය හරහා මිනිස්සු රවට්ටල අපහසුවට පත් කරන එකනෙ. ඒත් ඉස්සර කාලෙ ඔය යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් හරියට කරල මිනිසුන්ට සෙත – සහනය උදා කරපු අය හිටිය කියල අහල තියෙනවා. ඒ ගැන නම් විශ්වාසයි. පැරණි ජනතාව ඒ දේවල් නිවැරදිව කරන්න ඇති කියල.

* විවාහ වුණේ කේන්දර ගලපල නැකැත්වලට අනුවද?

ඔව්. මගේ අම්ම තාත්තගෙ කේන්දර දෙකත් සීයට අසූවකට වඩා ගැලපුනලූ. මහත්තයගෙ අම්ම තාත්තාගෙත් එහෙමලූ. ඉතින් ඒ දෙගොල්ල එකතු වෙලා අපේ කේන්දර බැලෙව්වා. අපි දෙන්නගෙ කේන්දර දෙකත් ඊට වඩා ගැලපෙනව කියල තිබුණා. ඒ අනුව හදපු නැකැත්වලට අනුව තමයි විවාහයේ බොහෝ කටයුතු සිද්ධ වුණේ.

* කේන්දර ගැලපුනහම දෙදෙනකුගේ විවාහ ජීවිතය සාර්ථක වෙනව කියල හිතනවද?

නැහැ. ඒ දේවල් අපි සම්ප‍්‍රදායිකව ගලපල බැලූවට විවාහ වෙන දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම් විවාහ ජීවිතේ සාර්ථක වෙන්නෙ නැහැ. ඒත් අපිට අදාළ කෙනාගෙ අදහස් දැනගෙන ඒ අනුව ගලපගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ක‍්‍රමය සාර්ථකයි.

fbdfdsdd

* කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා

ඕනම තැනක නායකත්වය අරගෙන වැඩ කරන්න පුළුවන් විදියේ චරිතයක් මගේ කේන්දරේට අනුව කියවෙනවා. ඒ කතාවෙ නම් පුංචි ඇත්තක් තියෙනවා. ඉස්කෝලෙට යන කාලෙ වගේම ඉන්පසුවත් අද වෙනතුරු මට ඕනම දේක නායකත්වය ගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා.

* ගායිකාවක් වෙන බව එහි සඳහන් වුණාද?

නෑ නෑ. කිසිම ජ්‍යොතිෂවේදියෙක් මම ගායිකාවක් වෙන බවට අනාවැකි කියල තිබුණෙ නෑ. ඒක ඉතින් ජානවලින් වගේම සහජ දක්ෂතාවලින් ආපු හැකියාවක්.

* කියපු අනාවැකි බොරු වුණ තැන්

දවසක් කෙනෙක් මගේ කේන්දරේ බලලා කියල තියෙනව විවාහය නම් ප‍්‍රමාද වෙනව කියල. ඒත් ඒක බොරු වෙලා මම ප‍්‍රමාදයකින් තොරව විවාහ වුණානෙ.

* ලග්නය – මීන

* රාහු කාලෙට බයද?

ඇත්තටම විශේෂ අවස්ථාවක ඇරෙන්න රාහු කාලය අනුගමනය කිරීමේ පුරුද්දක් නැහැ. එදිනෙදා වැඩ යෙදෙන වෙලාව අනුව ඒ දේවල් කරනවා. ඒත් ඕක කලින් දැනගෙන මෙන්න මේ වෙලාව රාහු කාලෙ නිසා හොඳ නෑ කියල එතෙන්දි හිතට පුංචි බයක් එනවා.

* කේන්දරේකින් කෙනෙකුගෙ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද?

මම විශ්වාස කරන්නෙ නෑ. වෙන්න තියෙන දේ කොහොමත් වෙනවනෙ. ඒ අනුව ඉතින් කාලෙන් කාලෙට ජීවිතේ යම් යම් වෙනස්වීම් ඇති වනවා. ඒත් ඒවට කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.

21 mv web upekhanirmani 2021 3 17 2

ධම්මික හේවාවසම්

Divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21
Video thumbnail
රටේවත් ලෝකේවත් සාම විනිසුරුවරුන්ට වයස් සීමාවක් නෑ..වයස අවු: 75හේ වයස් සීමාව අයින් කරන්න
02:55
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22