spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජොනී වෙනුවෙන් නීතීඥයන්ගෙන් ඉල්ලීමක්…

ගාලු මුවදොර පිටිය සහ අරලිය ගහ මන්දිරය අවට අසල පසුගිය මස 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

අධීකරණ වාර්තාකරුවන් සඳහන් කලේ මන්ත්‍රීවරයාගේ නීතීඥයන් විසින් ගොණු කර ඇති මෙම රිට් පෙත්සම හෙට විභාගයට ගැනීමට නියමිත බවයි.

මෙම සිදුවීම්වලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 30 කට ආසන්න පිරිසක් සැකකරුවන් ලෙස නම් කෙරුණු අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?