ජොනි ඩෙප්ගේ නඩුවේ මොකද වුණේ….

ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඇම්බ(ර්) හර්ඩ් අතර පැවතුණු නඩුව මේ වනවිට විසඳුමකට පැමිණ අවසන්. නඩුවේ තීන්දුව ජොනී ඩෙප්ට හිතකර ආකාරයෙන් ලැබුණු අතර, ඔහු වටා සිටින මිලියන ගණනක් වූ රසිකයන් ගේ ප්‍රාර්ථනය වූයේ ද ඔහුගේ නිර්දෝෂීභාවය යි. අමෙරිකා එක්සත් ජනපදයට අයත් වර්ජීනියා ප්‍රාන්තයේ ෆෙයාෆැක්ස් හි උසාවියක විභාගයට ගැනුණු මේ නඩුව, සති හයක පමණ කාලයක් ලෝකයේ බොහෝ දෙනකු ගේ අවධානය දිනා තිබුණා.

විභාගයෙන් අනතුරුව දින දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවතුණු අතර, ජූරි සභිකයන් සිය අවසාන තීරණය දැනුම් දුන්නේ ඉන් පසුව යි. ඒ අනුව ජුනි 01 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

2017 දී ඩෙප් සහ හර්ඩ් දෙපළ ගේ විවාහ ජීවිතය අවසන් වීමෙන් පසු ව පවා ඔවුන් අතර තිබූ ගැටලුකාරී වාතාවරණය අවසාන වුණේ නැහැ.

ඉන් පසුවත් ඔවුන් පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දාමයකට මුහුණ දුන්නා. මේ සීතල ගැටුමේ උච්චත ම අවස්ථාව සනිටුහන් වූයේ 2018 වර්ෂයේ අවසාන භාගයේ දී යි. එහි දී ඇම්බ(ර්) හර්ඩ් “The Washington Post” පුවත්පතට සිදු කළ ප්‍රකාශයක් හමුවේ තමාට අපහාසයක් සිදු වූ බව සැලකූ ජොනී ඩෙප්, ඇයට එරෙහි ව නඩු පැවරීමට ක්‍රියා කළා.

එකිනෙකාට නඟා ගත් චෝදනා සහ නීතිමය ක්‍රියාවලියේ දී හමු වූ අභියෝගවලට මුහුණ දෙමින් 2021 අගෝස්තුවේ දී ඩෙප් ගොනු කළ අපහාස නඩුව ඉදිරියට ගෙන යෑමේ අවසරය වර්ජීනියාවේ විනිසුරුවරයෙක් ලබා දුන්නා. ඊට පෙරාතුව ඇම්බ(ර්) හර්ඩ්ට එරෙහි ව ගොනු කළ නඩුව ඉවත ලෑමට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම උත්සහ කර තිබුණා. ඔවුන් ගේ උත්සාහයන් නිෂ්ඵල කරමින් 2022 අප්‍රියෙල් 11 වැනිදා ජොනී ඩෙප් ගොනු කළ නඩුව විභාගයට ගැනුණා.

ලෝරල් ඇන්ඩර්සන් යනු ඇම්බ(ර්) හර්ඩ් සහ ජොනී ඩෙප් විවාහ වී සිටි සමයේ ඔවුන්  උපදේශන සේවා සැපයූ සායනික මනෝවිද්‍යාඥවරියක්.

ඇයට අනුව ඩෙප් සහ හර්ඩ් යුවළ එකිනෙකාට චෝදනා කර ගනිමින් දෙදෙනා ම සිය අස්ථීර සබඳතාවෙන් ඉවත් ව යෑමට උත්සහ කර තිබුණා. එහි දී දෙදෙනා ම ආවේගාත්මක වුව ද, ජොනී ඩෙප් යනු මනා ස්වයං පාලනයක් සහිත මනුෂ්‍යයකු බවත්, ඔහුත් සමඟ මීට පෙර සිටි කිසිදු සහකාරියකට ප්‍රචණ්ඩත්වය හරහා පිළිතුරු සපයා නැති බවත්, ලෝරල් ඇන්ඩර්සන් ජූරි සභාවට පවසා තිබුණා. ඒ අනුව බොහෝ දබරවල මූලිකත්වය ගෙන තිබුණේ ඇම්බ(ර්) හර්ඩ්.

මේ කරුණු සනාථ කිරීම සඳහා ඩෙප් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පාර්ශවය ඇම්බ(ර්) හර්ඩ් ගේ හඬපට සහ සටහන් භාවිත කළා. එක් හඬ පටයකට අනුව ඇම්බ(ර්) ඩෙප්ට පහර දුන් බව පිළිගනිමින් ඔහු ළදරුවෙක් වැනියැ යි අපහාස කර තිබුණා. එම සිදුවීම්වලින් පසු ලිපියක් හරහා තමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඩෙප් ගෙන් සමාව අයැදීමටත් ඇය කටයුතු කළා. ඒ අනුව ජොනී ඩෙප් හිංසාවට පත් වූ බව හෙළි වුණා.

ජුනි පළවැනිදා ලැබුණු තීන්දුවෙන් පසු ජොනී ඩෙප් තමන්ට අහිමි වෙමින් තිබූ ප්‍රතිරූපය නැවතත් ක්ෂණික ව ගොඩ නඟා ගැනීමට සමත් වුණා. නඩුව කැඳවීමට පෙර සිට ම ඩෙප් ගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් ධනාත්මක මත පළ වුණත්, එය නීත්‍යානුකූලව ම විසඳෙන තුරු ඔහු ට ගැලවීමක් නොමැති බව පෙනෙන්නට තිබුණා.

මීට වසර දෙකකට පමණ පෙර ඩෙප් එක්සත් රාජධානියේ පැවති ඇම්බ(ර්) හර්ඩ් සම්බන්ධ නඩු විභාගයක දී පරාජිත පිල නියෝජනය කළ අතර, ඔහු ගේ වෘත්තීය අනාගතය පවා ඉන් අනතුරේ වැටුණා. නමුත්, දිගට ම නිහඬ ව නොසිටීමට ගත් තීරණය නිසා තීරණාත්මක ම නඩු විභාගයේ දී ඔහු ජයග්‍රහණය ලැබුවා.

image 5
image 6

image 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14