spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3 කට විදෙස් ගමන් තහනම්.

අද (09) කොළඹ මහාධිකරණය හමුවේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදුනි. ඒ 2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රු. 11 ලක්ෂයකට අධික පාඩු සිදුකළේ යැයි චෝදනා සමගයි.

මෙම අධිචෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ සිදුවූ අතර විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් නඩු විභාගය අවසන් වන තෙක් තහනම් කරන ලදී. මෙම නඩුව සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?