ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්න – ගෝඨා ගෝ ගම වැසියෝ විරෝධතාවක

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගෝඨාගෝ ගමේ පිරිසක් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.