ජොන්ටි රෝඩ්ස් බඳවා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි

තෝරාගත් ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් පවත්වමින් දේශීය පුහුණුකරුවන්ගේ සහ භෞතචිකිත්සකයින් සඳහා ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම සඳහා උසස් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තීරණ කිහිපයක් ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කවුන්ටුරිගේ සේවය ලබා ගැනීමටයි විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිවලදී විශිෂ්ට දස්කම් දක්වන කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම 15න් පහළ කාණ්ඩයෙන් ආරම්භ වන අතර එය 17න් පහළ ක්‍රීඩකයින් දක්වා හිමි වනු ඇති. නව වැඩසටහන 2024 තරග වාරයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කෙරෙනු ඇති.

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා 21න් පහළ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට ද තීරණය කෙරුණා.

පාසල් හැර යන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට දිගටම ක්‍රීඩා කිරීමට, දස්කම් දැක්වීමට සහ එම මාවත හරහා ජාතික මට්ටමට ළඟා වීමට මාවතක් නිර්මාණය කිරීම සඳහායි මෙම 21න් පහළ තරඟාවලියක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර යෝජිත තරගාවලිය පැවැත්වීමට විධායක කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ජාතික සුපර් ලීග් තරගාවලියේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩකයන්ගේ ‘තරග ගාස්තුව’ ඉහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

එම ක්‍රීඩකයින්ගේ උත්සාහය හඳුනාගෙන ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සහ දේශීය ක්‍රමය තුළ ක්‍රීඩකයින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස රඳවා තබා ගැනීම මෙම පියවරේ අරමුණයි.

මීට අමතරව විශ්‍රාම යන දේශීය තරග නිලධාරීන්’ ත්‍යාග පිරිනැමීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්, ලකුණු සටහන් කරන්නන් වැනි විශ්‍රාම යන තරග නිලධාරීන් ක්‍රීඩාවට කැපවීම වෙනුවෙන් පිළිගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32