ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට

2011 වසරේ වවුනියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ලියාපදිංචි නොකළ වාහනයක් සෙට්ටිකුලම රෝහල අසලදී ගසක හැපීමෙන් මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු මිය ගියා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ මියගිය පොලිස් නිලධාරියා බවටයි හිටපු මන්ත්‍රීවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28