ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට වැඩිදුරටත් විමර්ශන – පොලිසියෙන් අධිකරණයට දැනුම්දීමක්

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනවා.

මෙම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව දන්වා සිටියා.

ප්‍රධාන සැකකරු මේ වන විට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන මෙහෙයවන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව පෙන්වා දුන්නා.

මේ ආකාරයෙන් සාක්ෂිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගියහොත් නඩු ඔප්පු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වර්තමානයේ පොලිසිය විසින් පවරන නඩු බොහොමයක් අසාර්ථක වන්නේ මේ නිසා බවත් පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතරදෙනකු ඇප මත මුදාහැරීමට නියෝග කළා.

සෙසු සැකකරුවන් හතරදෙනා තවදුරටත් නොවැම්බර් මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.

ඉකුත් 28 වෙනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුළත් දැන්වීම් අලවා තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15