ජේසූ උපන් ජෙරුසලම ගිනියම් වෙයි – ඊශ්‍රායලය සහ පලස්තීනය මාරාන්තික යුද්ධයක

පසුගිය සිකුරාදා (07) දිනයේ දී ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය වෙත මුස්ලිම් බැතිමතුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් රැස්ව සිටිහ. ඒ රාමදාන් උත්සව සමයේ ආගමික කටයුතු සඳහාය.

එම අවස්ථාවේ ඊශ්‍රායලයේ විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද පල්ලිය ආසන්නයේ රැඳී සිට තිබුණේ එරට පනවා තිබූ වසංගත තත්ත්වය හමුවේ විශාල පිරිසක් රැස් නොවිය යුතුය යන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායි.

මේ හේතුවෙන් බැතිමතුන් සහ පොලීසිය අතර තරමක් උණුසුම් වතාවරණයක් ඇතිව තිබූ අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ යොදාගෙන පහර දී ඇති බව වාර්තා වෙයි.

දින 02ක් පුරාවටම පැවැති මෙම ගැටුම් අතර පලස්තීන වැසියන් 200කට වඩා තුවාල ලබා ඇති අතර ඊශ්‍රායල පොලිස් නිලධාරීන් 17ක් පමණ දැඩි තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

මෙම තත්ත්වය තවත් තීව්ර කරමින් ඊයේ (10) දිනයේ දී පලස්තීන හමාස් සංවිධානය විසින් ජෙරුසලමේ ඉලක්ක කිහිපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. එයට ප්‍රතිප්‍රහාර වශයෙන් ගසා තීරයේ ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් ද මිසයිල ප්‍රහාර දියත් කර තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙකු මෙන්ම පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය අතර දරුවන්ද සිටින බව පලස්තීනය පවසා සිටියි. කෙසේ වෙතත් එම චෝදනාවන් ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසා තිබුණේ හමුදා ඉලක්කයක් කිහිපයක් වෙත පමණක් මිසයිල ප්‍රහාර දියත් කළ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09