ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර සටන කල් දැමේ

යු ටියුබ් තරුවක් මෙන්ම බොක්සිං ක්‍රීඩකයෙක් වන ජේක් පෝල් සහ හිටපු ලෝකශූර බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් අතර පැවැත්වීමට තිබූ සටන කල්දමා තිබෙනවා.

එළඹෙන ජූලි 20 වනදා ටෙක්සාස් හිදී පැවති වීමට නියමිතව තිබූ මෙම සටන වෛද්‍ය උපදෙස් මත කල්දමා ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කළේ.

57 හැවිරිදි වියේ පසුවන මයික් ටයිසන් පවසන්නේ මෑතදී ඇති වූ තුවාලයක් වර්ධනය වීමෙන් තමාට පුහුණු වීමට නොහැකි වූ බවයි.

ඒ, අනුව සති කිහිපයක් විවේක ගැනීමට සහ සුවය ලබාගැනීම වෙනුවෙන් තමන් වෙත වෛද්‍යවරයා උපදෙස් දී ඇති බවයි ටයිසන් වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝකයෙම් අවදානය යොමුව ඇති මෙම තරගය පැවැත්වෙන්නේ ජේක් පෝල්ගේ අභියෝගයකට අනුවයි.

සටන වන විට 58 වන වියට පා තබන මයික් ටයිසන් ඔහුගේ වෘත්තීය බොක්සිං ජීවිතය 2005 වසරේ දී අවසන් කළා.

කෙසේ වෙතත් ඔහු ඉතා මෑතකදී එනම් 2020 වසරේ දී ප්‍රදර්ශන තරඟයකට තරඟ කරනු ලැබුවා.

මයික් ටයිසන් 1987 දී WBA, WBC සහ IBF ශූරතා සමගාමීව හිමිකරගත් පළමු හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා බවට පත් වුණා.

27 හැවිරිදි වියේ පසුවන ජේක් පෝල්, ටයිසන්ට වඩා අවුරුදු 30කින් බාල වන අතර ඔහුගේ සටන් 10න් 09ක් ම ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අතර කල් දැමුණු තරගය පැවැත්වෙන දිනය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සංවිධායකයින් විසින් සිදුකර නැහැ.

ටෙක්සාස් බලපත්‍ර සහ නියාමනය පිළිබඳ දෙපාර්තමේන්තුව පෝල් එදිරිව ටයිසන් සටනට නිල වශයෙන් වෘත්තීය තරගයක් ලෙස ඉදිරියට යාමට ඉඩ ලබා දී තිබෙනවා.

වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ සම්මත මිනිත්තු තුනක රාමු වෙනුවට මිනිත්තු දෙකක වට අටක් ඇතුළුව විශේෂ නීති රීති ඇතුළත් කරමින් මෙම විශේෂ සටන සකසා තිබෙනවා.

එමෙන්ම බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනාම අවුන්ස 14 අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, ඒවා සම්මතයට වඩා විශාල වන අතර එමඟින් පහරවල් වලින් බලය ඉවතට ගනු ලබනවා.

ටෙක්සාස් හි ආර්ලින්ටන් හි AT&T ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත මෙම සටන මෑතක දී පැවති ඕනෑම බොක්සිං සටනකට වඩා වැඩි අවධානයක් සහ මුදල් ආකර්ෂණය වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මෙම සටන නෙට්ෆ්ලික්ස් හි සජීවීව විකාශය කෙරෙන අතර, නෙට්ෆ්ලික්ස් හි බොක්සිං තරඟයක් පෙන්වන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10