ජෙරොම්ට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශන විධිමත් නැහැ – පොලිසියට හා නීතිපතිට චෝදනා

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරෝම් ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා විධිමත් විමර්ශනයක් පවත්වා නොමැති බවත් මෙවැනි බරපතල කරුණක් සම්බන්ධයෙන් පොලිසිය සහ නීතිපතිවරයා නිහඬව කටයුතු කරන්නේ ඇයි දැයි බරපතල ගැටළුවක් මතුවන බවත් සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඊයේ (14) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි සැක කෙරෙන දේවගැති ජෙරෝම් ප්‍රනාන්දුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම කරුණු අවධාරණය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී අදාල පෙත්සම ඉදිරිපත් කර තිබූ සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් හරහා රුපියල් බිලියන 12 කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීතිපතිවරයා දැනටමත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බව පැවසුවා.

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට තුඩු දෙන මෙම ගණුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියා.

මෙම දේවගැතිවරයාගේ යාඥා මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයෙකු මෙම සැකකටයුතු මූල්‍ය ගනුදෙනු පිළිබඳව සවිස්තර තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනටමත් ලබාදී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳ තොරතුරු ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා.

මෙතරම් තොරතුරු ඉදිරිපත් වී තිබියදීත් අදාළ දේවගැතිවරයාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි අධිකරණය හමුවේ ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති නීතිඥවරයා නීතිපතිවරයාද මෙම කරුණ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් චෝදනා කර සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියට ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර දේවගැතිවරයා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ කරුණට අදාළ නඩුකරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

ඊට අදාළව වග උත්තරකාර දේව ගැතිවරයාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවත් මෙම විමර්ශනයට සම්බන්ධ වීඩියෝ පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

මීට අමතරව මුදල් විශුද්ධිකරණ විමර්ශනය පිළිබඳව තමන් තොරතුරු නොදන්නා බවත් නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා පැවසුවා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබෙන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත් කියා සිටියා.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවයි.

ඒ අනුව, අදාළ විමර්ශනවල ප්‍රගතිය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් අගවිනිසුරුවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සම ලබන මැයි මස 13 වනදා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කළා.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද එදිනම කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09