රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් සමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝගයක් නිකුත් කළා.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් සමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බල රහිත කෙරුණා.
ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.
අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රීපාල සිරිසේනට තවත් නියෝගයක් නිකුත් කළා.
මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නියම කළා.
එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.














Meka lookayak hinassana amuthu ratak. Ekko vidayaka janadipathi kama ain karanna oni. Natthan hirakarayo nidahas karanna thiyana balathala nathi karanna oni. Deshapaluwanta agili gahanna beri tharamata adikaranaya ස්වාධීන karanna oni.. meuwa rata hinassana katha.