ජූඞ් රෝගන්ස් දැන් බුලත් වවනවා… ඔහු ගැන ඇහෙන අමුතු කතාව

කොරෝනා තත්ත්වය හේතුවෙන් රටේම සංගීත ප‍්‍රසංග තහනම් වෙද්දී සංගීත කණ්ඩායම් සහ ගායන ශිල්පීන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වුණා. මේ නිසා ගොඩක් සංගීත ශිල්පීන් සහ ගායන ශිල්පීන් වෘත්තීය සංගීත කලාවෙන් ඉවත් වෙලා වෙනත් වෙනත් ක්‍ෂේත‍්‍රවලට යොමුවුණා. මීවිත අපි අදත් ඔබට ගෙන එන්නේ එවැනි කලාකරුවෙක් ගැන. එ් තමයි ජූඞ් රෝගන්ස්. සීදුව සකුරා සංගීත කණ්ඩායම හරහා ගායන ක්‍ෂේත‍්‍රයට පිවිසෙන ජූඞ් හොරෙන් බලා කියා පාන දේට වඩා” අම්මා කියලා බහ තෝරනා” හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ” වෙන් වෙන්නට හිත කීවත්” ළඟ ඉන්න පැතුවාට මට ළං වෙලා වැනි ගීත රැුසක් හරහා ඉතාම ජනප‍්‍රියයි. ඉතින් මේ දිනවල මොනවද කරන්නේ කියලා ජූඞ් අපිට කිව්වේ මෙහෙම.
 
 * ජූඞ් මේ දිනවල මොනවද කරන්නේ?
 
 ප‍්‍රසංග නම් ඉතින් කොහොමත් නැහැනේ. මගේ ස්ටුඩියෝ එකේ වැඩත් එක්ක සුපුරුදු ගොවිතැන් කටයුතු කරන් ඉන්නවා.
 
 * ගොවිතැන් කටයුතු කිව්වේ?
 
 මෙහෙමයි. මගේ තාත්තා දුම්කොළ ගොවියෙක්. මගේ බිරිඳගේ තාත්තා බුලත් ගොවියෙක්. ඉතින් මම මගේ තාත්තා එක්ක කාලයක් දුම්කොළ වගා කළා. දැන් බිරිඳගේ තාත්තා එක්ක බුලත් වගා කරනවා.
 
 * කොහේද මේ කර්මාන්තය සිද්ධ වෙන්නේ?
 
 කුලියාපිටියයි සහ හෙට්ටිපොළයි අතර තමයි හිටවලා තියෙන්නේ.
 
 * ඇයි මේ කර්මාන්තයට යොමුවුණේ
 
 මේක අද ඊයේ කරපු දෙයක් නෙමෙයි. අවුරුදු 4ක විතර ඉඳන් මේ වගාව කරනවා. සංගීතය කරන ගමන් කොහොමත් මම මේ කර්මාන්තය පැත්තකින් තියන් තමයි වැඩ කරන් ගියේ.
 
 * රටේ තත්ත්වයත් එක්ක සිංදු කියන එක අත්හැරලා ජූඞ් ගොවි මහතෙකු වෙයිද?
 
 සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මේ කාලයේ වෘත්තීය මට්ටමෙන් ගායන ශීල්පියෙක් වෙලා විතරක් ජීවිතේ ගොඩදා ගන්න අමාරුයිනේ.
 
 * ඉදිරියේදී සංගීත ප‍්‍රසංග නැති වෙලාම යයිද?
 
 ඇත්තටම මේ යන විදිහට එහෙම වෙන්න පුළුවන් කියලත් මට හිතෙනවා. මොකද ප‍්‍රසංග පවත්වන්න අවසර ලැබුණත් එ්ක හරි හැටි පවත්වා ගැනීම තියෙන්නේ අපේ රසික ජනතාව අතේ. ප‍්‍රසංග පවත්වන්න අවසර දුන්නොත් අපේ රසික ජනතාවගෙන් මම ඉල්ලනවා එ් කියන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් එ් ආකාරයෙන්ම පිළිපදින්න කියලා. මොකද යම් හෙයකින් එම නීති උල්ලංඝනය කළොත් ආයෙත් ප‍්‍රසංග නතර කරන්න වුණොත් නැවතත් බොහෝ කාලයකට අපේ රසිකයන්ට සංගීත ප‍්‍රසංග බලන්න බැරි වෙයි.
 
 * අලූතින් නිර්මාණයක් කළේ නැතිද?
 
 ජෝතිපාල මහත්මයාගේ පුංචි දෝණි තරහා වෙලා ගීතය රී මේක් එකක් කළා. මම රී මේක් එකක් කළේ හරියටම අවුරුදු 12කට පස්සේ. නොබෝ දිනකින් මේ ගීතය අහන්න පුළුවන්.
 
 * එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීතයක් රී මේක් කරලා ජූඞ්ට දෝෂාරෝපණයක් එල්ල වෙයිද?
 
 රටේ ජනපි‍්‍රයම ගායන ශිල්පියා ජෝතිපාල මහත්මයා. එතුමාගේ ගීතයක් රී මේක් කරන්න ලැබුණු එකම මට භාග්‍යයක්. මම මුල් ගීතයට කිසිම හානියක් වෙන්න මේ රී මේක් එක කළේ නැහැ. අහන අයට එපා වෙන විදියේ උච්ඡ ස්වරයෙන් කෑ ගහල කියන ගීතයක් නෙමෙයි. පළමු නිර්මාණයට කිසිම අසාධාරණයක් නොවෙන්න දෝෂාරෝපණයක් එල්ල නොවෙන්න තමයි මම මේක කළේ. හැබැයි ඕනෑම දේකට බණින පිරිසක් ඉන්නවනේ. එ් පිරිස මේකට සමහරවිට බණීවි.
 
 * රී මේක් වලට වඩා කවර් සෝන්ග් නේද මේ දිනවල අපිට වැඩිපුර ඇහෙන්නේ?
 
 ඔව්. මමත් මීට කලින් කවර් සෝන්ග් කිහිපයක් කළා. එහෙත් මේ කාලයේ තියෙන වාතාවරණයත් එක්ක ලොකු වියදමක් කරලා කවර්
 
 සෝන්ග් එකක් කරන්න බැහැ. සංගීත ශිල්පීන්ට” පද රචකයන්ට ගෙවීම් කරන්න ඕනේ. අලූතින් මෙලඩි දාන්න ට‍්‍රැක් හදන්න ඕනේ. මේ සියල්ල එක්ක රසිකයන් කැමති ආකාරයේ නිර්මාණයක් කරන්න අපිට මේ කාලයේ අමාරුයි.
 
 * ජූඞ් හොරෙන්ම ඇමෙරිකාවේ පදිංචියට යන්න හිටියා කියන්නෙ ඇත්තද?
 
 සකුරා සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ මම ඇමෙරිකාවට ගියා. ඇත්තටම පදිංචි වෙන්න හිතන් තමයි ගියේ. එහෙත් මම ලංකාවේ භාර ගත්ත වැඩ ටිකක් තිබුණා. එ් නිසා එ් ටික ඉවර කරලා මගේ පවුලේ අයත් එක්කන් ආයෙත් යන්න හිතන් මම ලංකාවට ආවා. එ් ආවම තමයි කොරෝනා බලපෑම අවේ. එ් නිසා නැවත යන්න බැරි වුණා.
 
 * දැන් එ් තීරණය වෙනස් වෙලාද?
 
 නැහැ. එහෙත් එ්කට මේ වකවානුවේ
 
 අවස්ථාවක් නැහැනේ. දැන් රටත් වහලනේ තියෙන්නේ.
 
 * ජූඞ් රෝගන්ස් කියන්නේ සම්මානනීය ගායන ශිල්පියෙක්?
 
 ඔව්. හිමාලෙට වඩා උසයි සහ අම්මා කියලා බහ තෝරනා කියන ගීත දෙකට මට 2016” 2017 සහ 2018 අවුරුදුවල පිට පිටම සම්මාන ලැබුණා.
 
 * ජූඞ් ගායන ශිල්පියෙක් නොවුණා නම් කවුරු වෙයිද?
 
 එහෙනම් අනිවාර්යයෙන්ම මේ වෙද්දී කොහෝ හෝ දේවස්ථානයක පියතුමෙක් වෙලා හිඳීවි.
 
 * එම අදහස වෙනස් වුණේ කොතැනින්ද?
 
 මම අවුරුදු 3ක් ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ ඉගෙනුම ලැබුවා පියතුමෙක් වෙන්න. එ් කාලයේ ආපු වෙලාවක අනතුරක් වෙලා මගේ අත කැඩුණා. අවුරුද්දක විතර මට මගේ වැඩ තනියම කරගන්න බැරිවුණා. එ් අතරතුර කාලයේ සෙමනේරියේ අල්මේදා සර් මට හඬ පුහුණුවක් ලබා දුන්නා. මට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණ නිසා. එතනින් තමයි මම ගීත ගායනයට යොමු වුණේ.
 
 * ජූඞ් කියන්නේ ඕනෑම භාෂාවක ඕනෑම ආරක ගීත ගායනා කළ හැකි ගායකයෙක්. මේ ආභාෂය ලැබුණේ කොහොමද?
 
 මම දමිළ ජාතිකයෙක්. මගේ අම්මා තාත්තා ශී‍්‍ර ලංකා දමිළ ජාතිකයෝ. ඉතින් මම පොඩිකාලේ ඉ`දන් හැදුණ වැඩුන කොච්චිකඬේ ප‍්‍රදේශයේ මට නිතරම ඇහුණේ දමිළ ගීත. මලයාලම් සංගීතය. ඒ හරහා තමයි දමිළ සහ හින්දි ගීත ගායනයට යොමු වුණෙ.
 
 * සීදුව සකුරා කණ්ඩායමෙන් අයින් වෙලා තනි ගමනක් යන එක ගැන මොකද හිතන්නේ?
 
 තනි ගමනක් යන එක මේ වෙලාවේ හොඳයි කියලා තමයි හිතෙන්නේ. මම ගායන ශිල්පියෙක් විදිහට කේෂ්ත‍්‍රයට ආවට පස්සේ සංගීත කණ්ඩයමත් එක්ක ගොඩක් කාර්ය බහුල වුණා. සකුරා එකේ ඉන්න ගමන් පිටස්තර ප‍්‍රසංගවලට සහභාගි වෙන්න ගියහම එ්ක සකුරා කණ්ඩායමට කරන ලෝකු කරදරයක්. එ් අයට වදයක් වෙන්න බැරි නිසයි අයින් වුණේ. අනික මම ආසයි මම ආව වගේ තවත් නවකයෙක්ට එ් සංගීත කණ්ඩායමට එන්න අවස්ථාව ලබා දෙන්න.
 
 
 ඔබේ ඉවත්වීමෙන් සීදුව සකුරා සංගීත කණ්ඩායමේ මාකට් එක අඩු වුණා කියලා හිතෙන්නේ නැද්ද?
 
 මට නමක් හැදුණේ සීදුව සකුරා නිසා. එ්ක මම ඕනෑම තැනක කියනවා. සංගීත කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වුණු දේ මම ලබා දුන්නා. එහෙම ඉඳලා ඉවත් වුණහම ඔබ කිව්වා වගේ දෙයක් සමහර විට වෙන්න ඇති. එහෙත් මම කියන්නේ සීදුව සකුරා කියන්නේ කවදාවත් මාකට් එක බහින සංගීත කණ්ඩායමක් නෙමෙයි.
 
 කසුන් රණවීර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27