ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් – පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් ජූලි 09 (වීඩියෝ)

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස ජුනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජුනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව රැස්විය යුතු වනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජුනි 30 වැනිදා පෙ.ව 9.30ට කැඳවීමට නියමිතයි.

ඒ, අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම ජූලි 08, 09 සහ 11 දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව ජූනි 08 වන අඟහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත්තේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරණ ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජූලි 09 වන බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

එළඹෙන ජූනි 10 වැනිදාට ඇසළ පොහොය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්නොවන අතර, ජූනි 11 වැනි සිකුරාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බව සඳහන්.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

ඒ, අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ඉදිරිපත් කර ඇති ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසාදීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් ඉදරිපත් කර ඇති සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට යටත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමපිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති සෑම තරුණයෙකුම ඵලදායි රැකියාවක නියුතු පුද්ගලයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු ව්‍යවසායකයෙකු බවට පත් කිරීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් විසින් ඉදිරිපත් කර ඇති බිම් මට්ටමේ පවතින සියලු පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ ජයසුන්දර විසින් ඉදිරිපත් කර ඇති පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම පිළිබඳ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58