ජීවිත තව කොච්චර කාලේකට ආරක්ෂිත ද ?

ගතවෙන මේ මොහොතේ ඔබත් මමත් ජීවත් වන්නේ කුල්ල කුජීත වූ දේශයක බව කීමට ආලවට්ටන් අවැසි නැත.එහෙව් දේශයක ජීවත් වනවා කියනවාට වඩා දිවි බේරාගෙන සිටිනවා කීම උචිතය.

මේ මොහොතේ රජය පෙරලා නව පාළනයක් ගෙන ඒමට එක් පිළකුත් පවතින පාලනයම තිබිය යුතු බවත් කියන තවත් කණ්ඩායමකුත් භූමිය මත අරගල කරයි.ඒ අතරම එදා වේල බේරාගෙන ජීවිතය ගැටගසා ගැනීමට තවත් පිරිසක් අරගල කරනු ලබයි.ඒ දෙපිරිසම දෙස බලාගෙන බලය තමා අත තබා ගැනීමට මහා අරගලයක යෙදෙන දේශපාලන පසික්කාඩුවන් රැසකුත් අපේ පින් බලය නිසාම මේ පුණ්‍ය භූමියේ සිටි.

මේ සටහන ලියැවෙන්නේ එවැනි පසුබිමක් මැදය.මේ මොහොත වන විට දරුණු ඖෂධ හිඟයක් අප රටතුල පවතී.එහි බරපතලම කාරණාව මේ හිඟය පවතින්නේ ඖෂධ වර්ග කිහිපයක් අරඹයා නොවේ.ළමා පැනඩෝල් පැණියේ සිට ම මේ හිඟය ආරම්භ වී ඇත.මව්වරුනට තම දරුවාගේ බෙහෙත් බෝතලය මුහුනුපොතේ පෝස්ටුවක් දමා සොයා ගැනීමට සිදුවන පරිසරයක ඔබේ දරුවන්ගේ ජීවිත මේ භූමිය තුළ ආරක්ශිත යැ‍යි ඔබට දැනෙනවා ද ?

මේ වනවිට රිජ්වේ ආර්යා රෝහල දෙස් විදෙස් සියලු ජනතාවගෙන් ආධාර ඉල්ලා හඩා වැටෙන තැනට පත්වී ඇත.හදවත් රෝගීන්ට , හදිසි සැත්කම් සඳහා මේ වනවිට ඖෂධ රෝහල් බොහෝමයක සොයා ගැනීමට නැති තරම්ය.අමතක නොකල යුතු තවත් අවශේෂ කාරණාවක් නම් බෙහෙත් හේත් පමණක්ම නොව කුඩා දරුවන්ට ලබාදෙන කිරිපිටි ද ඉතාමත් හිඟ තත්වයක ද ඇති බවය.

මේ අතරම හිස ඔසවා ඇති අනිත් රැල්ල වන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ කළුකඩ මිල ගණන් යොදා විකිනීමය.දරුවන් සිටින මව්පියන් බොහෝ දෙනා මේ වනවිටත් මේ සෙල්ලම පිළිබඳ දැනුවත් ඇතැයි සිතමි. මේ වන විට ළමා පැනඩෝල් පැණියක් කළුකඩ වෙළෙන්දන් රුපියල් හාරදහසකට පමණ මිලකට විකිණීමට තබා ඇති අයුරු පසු ගිය දිනෙක මා විසින්ම අත් දැක්කෙමි.මිල පිළිබඳව විමසීමේ දී ඔහු කියා සිටියේ මට අවශ්‍ය නොවේ නම් ඉවත් වන ලෙස සහ ඒ මොහොතේම පැමිණි අයෙක් එම බෝතලයක් මිලදීගෙන යන අයුරුද පෙන්වා ඔහු කියා සිටියේ ඔහු සතුවත් ඇත්තේ තවත් බෝතල් කිහිපයක් බැවින් මටත් අවැසි නම් එකක් මිලදී ගන්නා ලෙස හා පසුව මේ මිලටවත් සොයා ගැනීමට නොහැකිවන බවයි.

ඇත්තෝ වැඩි කාලයකට “සුවෙන්” සිටිනු ඇතැයි කියා විශ්වාස කිරීමද මේ වන විට සිහිනයක්ම වී ඇත.මන්ද යත් මුදල් තිබුනු නමුත් බෙහෙත් සොයා ගැනීම කළුනික සොයනවා වැති තත්වයකට පත්ව ඇති බැවිනි.නැත්තෝ වන අපිට නම් ජීවිතය තණ අඟ පිණිබිඳු බව නැවත නැවත මතක් වන කාලයක් අපිට ඉදිර්යේදී අනිවාර්‍යෙන්ම උදාවනු ඇත.

මේ සටහනට පසුව ඔබේ අවධානයට මුහුනුපොතෙන් සොයාගත් ඡායාරූප කිහිපයක් අමුනා ඇත.අවසානයට කීමට ඇත්තේ මෙපමණකි.තව දුරටත් පුන්‍ය භූමියක් ඉතිරි වී නැත , ඔබත් මමත් “කුල්ල කුජීත වූ දේශයක අවසානයේ සාක්ෂිකරුවන්” පමණි

image 16

image 17

image 18
image 19

image 20
May be an image of text that says "ems REGULAS PRESS-ON Heavy Superior NAPKINS Flow 83 wயne 器記﹒022 RR45000 2명330221 හිතන්නකෝ කෙල්ලොම විතරක් ඉන්න ගෙදරක් එහෙම කොහොම දරාගන්නද"


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18