ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. 

කලක් රෝගාතුරව සිටි බන්දුල වර්ණපුර  පසුගිය සතියේ පාදයේ සැත්කමකට ද මුහුණදුන් අතර මියයන විට 68 වැනි වියේ පසුවුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්දුවට පහරදීමේ හා පළමු ලකුණ රැස්කිරීමේ ගෞරවය හිමිවන්නේ මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර  අද සිය ජීවිත ඉනිම සඳහට ම අවසන් කළේය. 

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට එක් වූයේ ආරම්භක පිතිකරුවකු ලෙසය. 

ඔහු 1975 පළමු ලෝක කුසලාන තරඟාවලියේ දී ජාත්‍යන්තර එක්දින වරම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුද වුණි. 

බන්දුල 1979 ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරඟ ජයග්‍රහණයේ ද කොටස්කරුවෙකි. 

පසුව ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත් වූ බන්දුල වර්ණපුර 1982 පැවති මෙරට පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේ නායකත්වය දැරූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟයක පළමු පන්දුවට පහර දීමේ ගෞරවය හා පළමු ලකුණ රැස්කිරීමේ ගෞරවයටද හිමිකම් කියයි. 

කෙසේ වෙතත් ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය අනපේක්ෂිත අයුරින් අතරමඟ නතරකිරීමට සිදුවුණි.

ඒ 1983 දී එවක වර්ණභේදවාදය නිසා තහනම්ව පැවති දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නිරතවීම හේතුවෙනි.   

එම වරදට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බන්දුල වර්ණපුර ඇතුළු චෝදනා ලැබූ ක්‍රීඩකයන්ට වසර 25ක සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවනු ලැබීය. 

ඒ වනවිට ඔහු ක්‍රීඩාකර තිබුණේ ටෙස්ට් තරඟ 4කට සහ එක්දින තරඟ 12කට පමණි. 

එහෙත් වසර 07 කට පසු එම තහනම ඉවත් කෙරුණු අතර ඒ අනුව බන්දුලට ක්‍රිකට් කටයුතු සඳහා සක්‍රීයව දායකවීමට අවස්ථාව උදාවුණි. 

ක්‍රීඩකයකු ලෙස මෙහෙය නිමා වුණත් පසුව ඔහු පුහුණුකරුවකු, පරිපාලකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අනියුක්ත නිලධාරියකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පුළුල් සේවාවක් ඉටුකළේය. 

බන්දුල වර්ණපුර  පසුකාලීනව මෙරට ජනතාවගේ වඩාත් හඳ බැඳගත්තේ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ඉටුකළ සුවිශේෂී කාර්යභාරය නිසාවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09