ජීවිත ආරක්ෂාව ඉල්ලා CID රැඳවුම් භාරයේ සිටින පානදුරේ නිලංග උසාවි යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින තමාගේ ජීවිත ආරක්ෂාව සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුරේ නිලංග නමැත්තා විසින් ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණයට නියෝග කළා.

ඒ, පෙත්සම අභියෝජනාධිකරණයේ විනිසුරු සභාපති රොහාන්ත අබේසූරිය සහ ප්‍රියාන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

රැඳවුම් නියෝග බාරේ රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව තමා සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙස ඉල්ලා සිය පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සෝහාන් ද සිල්වා පෙනී සිටි අතර, පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ ශනිල් කුලරත්න පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25