ජීවිතේ සූර්යාට ආපස්සට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඔබ යන්න කැමැති කොයි කාලේටද?

හිතෙන්නේ නැති වෙලාවක, හිතන්නේවත් නැති විදිහට ජීවිතේ විවිධ සිදුවීම්වලට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. එහෙම මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම් කිහිපයක් ගැන අපේ ආදරණීය කලාකරුවන් කලාකාරියන් එක්ක අපි කතා කළා. ”එහෙම වුණොත්” ඒ අය ගන්න තීරණ මොනවද කියලා අපි එයාලගෙන්ම අහලා බලමු. මුලින්ම මේ කතාබහට එකතු වෙන්නේ සූර්යා දයාරුවන් සහෝදර කලා ශිල්පියායි.

ජීවිතේ සූර්යාට ආපස්සට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඔබ යන්න කැමැති කොයි කාලේටද?

ඇත්තටම කියන්නද? මම එහෙම ආපස්සට යන්න කැමැති නැහැ. ජීවිතේ අද මම මේ ගෙවන්නේ ජීවිත කාලය පුරාවට විඳින්න පුළුවන් දේවල්, විඳවන්න පුළුවන් දේවල් වගේම පුංචි කාලේ ඉඳන් දැකපු හීන, ඉලක්ක හැමදේම එක්ක ඉස්සරහට යන ගමනක්. ඒ නිසා ආපස්සට යන වයසත් ගැන හිතුවොත් මම එහෙම යන්න වයසක් නැහැ. මේ තප්පරයෙන් ඉදිරියට යන්න මම කැමැතියි. පුංචි කාලේ ඉඳන්ම මම හැම දෙයක්ම ආදරයෙන් වින්දා. අධ්‍යාපනය පැත්තෙන් වුණත් මම හොඳ ස්ථාවරත්වයකට ආවා. හැම කෙනෙක්ගෙම ආදරය ලැබුණා. පුංචි කාලේ ඉඳන් සොබාදහමත් එක්ක ගත කරන්න මට අවස්ථාව ලැබුණා… ගමේ තිබුණ සුන්දරත්වය වගේම නගරයේ තිබුණ කාර්යබහුලකම එක්කත් මම ගනුදෙනු කළා.

නොහිතුව වෙලාවක සූර්යාට කලා ක්ෂේත්‍රයෙන් සමුගන්නට සිදුවෙනවා කියලා හිතන්න… එහෙම වුණොත් මොකද කරන්නේ…?

එහෙම වුණොත් මම හරිම ආදරයෙන් හැමෝගෙන්ම සමුගනීවි. කලා ක්ෂේත්‍රයට මම අහම්බෙන් සම්බන්ධ වුණු කෙනෙක්. ඒ අහම්බෙන් ලැබුණ දේ මම හරියාකාරව පාවිච්චි කළා කියලා මම විශ්වාස කරනවා. ප්‍රේක්ෂකයින්ව මට පුළුවන් උපරිමයෙන් සතුටු කළා කියන හැඟීම මගේ හිතේ තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් හෝ විශේෂ හේතුවක් නිසා “ඔයා කලා ක්ෂේත්‍රෙයන් අයින් වෙන්න” කියලා කිව්වොත් මම කිසිම පැකිලීමකින් තොරව මට අයින් වෙන්න පුළුවන්. මම මේ කලා ක්ෂේත්‍රයට වැලි කැටයක ප්‍රමාණයක් හරි යම් හොඳක් කරලා තියෙනවා නම් ඒක ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මට මේ මොහොතේ වුණත් මෙතනින් අයින් වෙන්න පුළුවන්. මම කිසිම කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් නොකර කරපු නිර්මාණවලින් අනිත් අයගේ හදවතේ යම් තැනක මගේ මතකයන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම නැතත් ඒ මතකය ඉතිරි වේවි.

නොකළ වරදකට සූර්යාට දඬුවම් ලබන්න සිදුවෙනවා යැයි සිතන්න…. එහෙම වුණොත්?

ඒක තමන්ගේ කර්මයක්. මේ ආත්මයේදී මම කාටවත් දැනුවත්ව වරදක් කරලා නැහැ. ඒ නිසා එහෙම දෙයක් වුණොත් ජීවිතේට ඒක බාරගන්න සිදුවෙනවා. වරදක් නොකළ කවුරුන් හෝ මම වැරදි යැයි කිව්වොත් ඒ නිවැරදි බව ඔප්පු කරන්න සාක්ෂි නැත්නම් මට ඒ වැරැද්ද මේ තියෙන නීතිමය තත්ත්වයන් නිසා බාරගන්න සිදුවේවි. නොකළ වරදට හසුවූවාට පසුව සමහරවිට සොබාදහමින් පොඩි කාලයක් ඇතුළත උත්තරයක් ලබාදෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ හැමදේටම මුහුණ දෙන්න මගේ හිත හදාගෙනයි තියෙන්නේ.

ඔබට කෝටි ගණනාවක විශාල ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත් ඒ මුදලින් මොකද කරන්නේ?

ඇත්තටම එහෙම දෙයක් වෙයි කියලා හිතලාවත් නැහැ. නමුත් එහෙම දෙයක් වුණොත් මම වෙනුවෙන් කොටසක් වෙන් කරගන්නවා. තමන් මුලින්ම ආදරය කරන්නේ මේ ලෝකයෙන් තමන්ටනේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා මගේ අධ්‍යාපන කටයුතුවලට ඉදිරි ජීවිතය වෙනුවෙන්, ව්‍යාපාරයක් වෙනුවෙන් පරිපූර්ණ දෙයක් වෙනුවෙන් යම් මුදලක් වෙන් කරනවා. තමන් ශක්තිමත්ව හිටියොත් ඕනෑම කෙනෙක්ට, සමාජයට උදව්වක් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම ඒ ලැබෙන මුදලින් තුනෙන් එක කොටසක් මගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කරනවා. ඉතිරි තුනෙන් එකක් සමාජය වෙනුවෙන් වෙන් කරනවා. දුප්පත් ඉස්කෝලෙකට උදව් කිරීම, කෙනෙක්ට ගෙයක් දොරක් හදලා දීමට වෙන් කරනවා. ඒ වගේම පොලොන්නරුවේ කෙනෙක් හැටියට මට නොලැබුණු දේවල් ටිකක් තිබුණා. ඒ නිසා අමාරුවෙන් ජීවත් වෙන පුංචි දරුවන් කිහිප දෙනෙකුට ඒ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි කොටස් යොදවන්නත් මම වෙන් කරනවා.

සූර්යාට දේශපාලනයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ අවස්ථාව භාරගන්නවාද?

මම උසස් පෙළට දේශපාලන විද්‍යාව හැදෑරුවා. පසුකාලීනව නීතිවේදයත් යම් ප්‍රමාණයකට ඉගෙන ගත්තා. මගේ ආසාව තියෙන්නේ පෞද්ගලික දේශපාලනයට විතරයි. එයින් සමාජයට දෙයක් කරන්න මට පුළුවන් වේවි. ඉතිහාසයේ ඉඳන් මේ රටේ තියෙන වාතාවරණය ගත්තොත් දේශපාලනඥයෙක් හැටියට මේ සමාජයට යහපතක් කරන්න හරි අමාරුයි. ඒ ගොඩට වැටුණ ගමන් ඒ අසූචි ගොඩේම තමයි. ඒ නිසා තමන්ගේ තනි පෞද්ගලික දේශපාලනය තුළ රටට, සමාජයට, මිනිසුන්ට උදව් උපකාර කරලා ඒ දැනෙන සතුට, විඳගෙන ජීවත් වෙලා මැරිලා යන එක සැනසීමයි.

සූර්යාට අධ්‍යක්ෂණයට පිවිසෙන්නටත් අවස්ථාවක් උදාවෙනවා යැයි හිතන්න… එහෙම වුණොත්…?

අධ්‍යක්ෂණයට යොමුවෙන්න ඉඩ ලැබුණොත් ඒක අනිවාර්යයෙන්ම බාරගන්නවා. බොහෝ විට මේ වෙද්දී එක නිර්මාණයක් ආවොත් ඒ නිර්මාණයටම සමීප වුණ නිර්මාණ බිහිවෙනවා වැඩියි. ගීතයක්, ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක්, මේ බොහෝ නිර්මාණ බොහෝවිට තවත් එකක කොපියක්. එහෙම නැත්නම් ඒ තවත් නිර්මාණයකට සමීප වූවක්. ඒ නිසා මම අධ්‍යක්ෂණයට එකතු වුණොත් අලුත්ම, වෙනස්ම තේමාවක නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ රටේ කිසි කෙනෙක් නොකරපු තේමාවක නිර්මාණයක් වේවි. 2017 අවුරුද්දේ තිරගත වුණ ”Wonder Women” චිත්‍රපටයේ. බොහෝ විට අපේ පත්තිනි මෑණියන්ගේ කතාවයි තියෙන්නේ. ඒක American Super Hero Film එකක්. එයාගේ අත් දෙකේ තියෙන්නේ අපේ පත්තිනි මෑණියන්ගේ සළඹ දෙක. එයාලා අපේ මේ සංස්කෘතික දේවල් ඉතිහාසයේ දේවල් එකතු කරගෙන එයාලගේ නිර්මාණයක් හදලා එයාලගේ ප්‍රේක්ෂකයින්ට ලබාදුන්නා. නමුත් අපේම තේමාවක් පිටට යනවා කියලා අපේ අය දන්නේ නැහැ. ඒ නිසා එවැනි වෙනස් නිර්මාණ අපිට කරන්න පුළුවන්. ඉදිරියේදී මේ හැමදේ ගැනම ඇත්තටම ඉගෙන ගෙන මේ සම්බන්ධව පරිපූර්ණ වේගෙන එන කෙනෙක් හැටියට අධ්‍යක්ෂණය කියන පුටුවේ වාඩි වෙන්න සුදුසුකම් ලබපු දවසක මම එතැන වාඩිවෙනවා.

ඔබ මේ වෙද්දී බොහෝ ක්ෂේත්‍රයන් සම්බන්ධව නිවැරදි අධ්‍යාපනයත් ලබපු කලාකරුවෙක්. තවත් ක්ෂේත්‍රයක් සම්බන්ධව ඉගෙන ගන්න සූර්යාට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නේ?

එහෙම වෙන විෂයක් ඉගෙන ගන්න ලැබුණොත් මම තාක්ෂණ විෂය ඉගෙන ගන්නවා. කාලීනව තාක්ෂණ විෂය ඉගෙන ගැනීම වටිනවා. තාක්ෂණික දැනුමක් එක්ක, ලෝකයට යන්නට, ගනුදෙනු කරන්නට ලැබෙන ඉඩකඩ වැඩියි. අද වෙද්දී හැමදේටම තාක්ෂණය වටිනවා.

මේ හැමදේම අතහැරලා ගමට යන්න සූර්යාට සිදුවෙනවා. එහෙම වුණොත්?

එහෙම වුණොත් හරිම ආසාවෙන් ගමට යනවා. මම පොලොන්නරුවේ කෙනෙක්. අදටත් මම මේ ලෝකෙන්ම යන්න ආස තැන මගේ ගම. මගේ ගමේ මගේ ගෙදරින් තමයි මගේ ජීවිතේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ, හැම ආසාවක්ම ඉටුකර ගත්තේ. ඒ තරම් ආරක්ෂිත තැනක්, ඒ තරම් හිතට සුන්දරකම දැනෙන, ඒ තරම් හිතට නිදහසක් දැනෙන තැනක් මේ ලෝකේ කොහේවත් මට නැහැ. ඒ නිසා මේ ලබාගත්තු හැම දෙයක්ම දාලා මට ගමේ යන්න පුළුවන්. අතේ එක රුපියලක් නැතිව ඒ ගෙදරට පය තිබ්බත් එදා තිබුණු ආදරය, රුකවරණය, අදටත් එතන තියෙනවා කියලා මට විශ්වාසයි.

කතා බහ :

දිශානි ජයමාලි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32