නව අමාත්‍යධුරයේ කටයුතු ඇරඹීමට පෙර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් මීට පෙර කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් නිලධාරීන්ට ස්තූතිය පළකළ අවස්ථාව පිළිබඳව අද (17) පුවත්පත් ද සිය වාර්තා අතරට එක් කර තිබෙනවා.
තම අමාත්‍යාංශයේ වෙනසක් වෙයි කියා බලාපොරොත්තු නොවූ බවත්, ජීවිතයේ සෑම දෙයක්ම සිදුවන්නේ හොඳට යැයි තමා විශ්වාස කරන කරුණක් නිසා ලැබෙන ඕනෑම දෙයක් සතුටින් භාරගැනීමට කටයුතු කරන බවත්, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී සඳහන් කරනු ලැබුවා.
“බලාපොරොත්තු නොවුනු මොහොතක, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබෙනවා. මං ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මෙහෙම මාරුවීමක් සිද්ධවෙනවා කියලා. කොහොම වුණත් ජීවිතයේ හැමදෙයක්ම සතුටින් භාරගත යුතුයි.” යනුවෙන් ඇය එහිදී නිලධාරීන්ට සඳහන් කර සිටියා.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කරන ලද කතාවේ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.














kochchara wada kalath gonnunta eke wataheemak na – para purama duwa duwa wasangathaya wapurapu unta dan sathutu athi. Pavithra ta honda galaweemak labuna !