spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තගේ බිරිඳ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට

පසුගිය 25 වනදා අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ පැමිණියා.

ඊයේ (29) පස්වරුවේ පොලිස් සැරයන්වරයාගේ මහනුවර, මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳවන නීතිඥ චමරි ප්‍රියංකා ඔහුගේ ඥාතීන්ට ශෝකය පළකර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය අධිවේගී මාර්ගයේ දී කන්ටේනර් රථයක ගැටී සිදු වූ අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් ගෞරව යටතේ ඔහුගේ අවසන් කටයුතු මහනුවර, මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී පසුගිය 27 වනදා සිදුකෙරුණා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඇය සඳහන් කළේ දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන් ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේ දී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ ඇති බව ද ඇය එහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
57
+1
6
+1
5
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?