සනත් නිශාන්තගේ බිරිඳ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට

පසුගිය 25 වනදා අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ පැමිණියා.

ඊයේ (29) පස්වරුවේ පොලිස් සැරයන්වරයාගේ මහනුවර, මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳවන නීතිඥ චමරි ප්‍රියංකා ඔහුගේ ඥාතීන්ට ශෝකය පළකර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය අධිවේගී මාර්ගයේ දී කන්ටේනර් රථයක ගැටී සිදු වූ අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් ගෞරව යටතේ ඔහුගේ අවසන් කටයුතු මහනුවර, මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී පසුගිය 27 වනදා සිදුකෙරුණා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඇය සඳහන් කළේ දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන් ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේ දී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ ඇති බව ද ඇය එහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14