spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවන වියදමට විරෝධය පෑ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට (ඡායාරූප)

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

දිල්ලි නගරයේ දී පැවති විරෝධතාවක් අතර තුර ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් රජයට එරෙහිව පැවති විරෝධතාවයේ දී නීතිවිරෝධී ජනරාශිය, මාර්ගය අවහිර කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රියංකා ගාන්ධි සමඟ කොංග්‍රස් පක්ෂයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඇය මාර්ගයේ වාඩි වී විරෝධය දැක්වීමට උත්සාහ කිරීමත් සමඟ ඇයව පොලිස් නිලධාරීන් විසින් ඇදගෙන ගොස් මෝටර් රථයකට දමාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාහුල් ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂයේ නායකයින් කළු ඇඳුමි සැරසී මෙම විරෝධතාවයට එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

congress protest 3 1
cover 4 1
netta 1
priyanka gandhi PTI 1 2
rahul parliament 1
sachin pilot 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?