‘ජිමී’ සිය 42 වැනි ජන්ම දිනය දා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සූදානමින්!

එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ සේ ම ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ රන් සලකුණක් ලෙස සැලකෙන එංගලන්ත වේග පන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මේ වනවිට (11) සිය අවසන් ටෙස්ට් තරගාවලියට එක් ව සිටිනවා.

වර්ෂ 1982 ජුලි 30 ලැන්කැෂයර් ප්‍රාන්තයේ බර්න්ලි හි දී උපත ලබන James Michael Anderson එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්වීමට පූර්වයෙන් එංගලන්තයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ලැන්කැෂයර් ක්‍රිකට් කණ්ඩායම, ඔක්ලන්ඩ් ක්‍රිකට් කණ්ඩායම ආදී ප්‍රාන්ත කණ්ඩායම් සඳහා තරුණ කාලයේ සිට ම සිය දස්කම් දක්වමින් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්.

කණ්ඩායමේ සැවොම ජේම්ස්ව ආදරේට හැඳින්වූයේ ‘ජිමී’ යනුවෙන්.

ජිමී තම මව්බිම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවට තමන් නමින් ඉඩකඩ වෙන් කරගන්නේ පළමු වරට එක්දින තරගාවලියකටයි.

ඒ 2002 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී කැන්ගරුවන්ට එරෙහිව පැවති තරගයට එක්වෙමින්.

ඉන් වසරකට පසුවයි ජිමී හට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියේ දොරගුලු විවර වන්නේ.

2003 වර්ෂයේ මැයි 22 සිට 24 තෙක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයට එක්වෙමින් ජිමී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරනවා.

ලොව බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා මෙන් ම වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් (800) සහ ශේන් වෝර්න්ගෙන් (708) පසුව සිටින හොඳම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නේ ද ජේම්ස් ඇන්ඩර්සන්.

මුරලි කඩුලු 800ක් ද, ශේන් වෝර්න් කඩුලු 708ක් මෙන් ම ජිමී තරග 188කට එක්වෙමින් කඩුලු 701ක් ද බිඳ දමා තිබෙනවා.

ඒ අනුව ජිමී රැඳී සිටිනේ ටෙස්ට් කඩුලුලාභී ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ යි.

ඔහු මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ශේන් වෝ‍ර්න් සම කිරීමට නම් කඩුලු 07ක් ලබාගත යුතු වනවා.

ජේම්ස් ඇන්ඩර්ස්න්ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස දැවී ගියේ 2003 වර්ෂයේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන Mark Veumeulen යි.

පසුව ජිමී කාලයත් සමග පිළිවෙළින් සිය 100 වැනි ටෙස්ට් කඩුල්ල දකුණු අප්‍රිකාවේ ජැක් කාලිස්ගෙන් ද, 200 වැනි කඩුල්ල ඔස්ට්‍රේලියාවේ Peter Matthew Siddle ගෙන් ද සපුරා ගත්තා.

ත්‍රිත්ත්ව ශතක කඩුල්ල ජිමී දවා ගත්තේ නවසීලන්ත ක්‍රීඩක Peter Fulton ගෙන්.

400 වැනි ටෙස්ට් කඩුල්ල නවසීලන්තයේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන මාටින් ගප්ටිල්ගෙන් ද, 500 වැනි කඩුල්ල කොදෙව්වන්හි Kraigg Brathwaite දවා ගනිමින් සපුරා ගත්තා.

මෙම විශිෂ්ට ක්‍රීඩකයාගේ 600 වැනි සහ 700 වැනි ටෙස්ට් කඩුලු ද්විත්වය ලෙස බිලි වූයේ පාකිස්ථානයේ අසාර් අලී සහ ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව්.

කඩුලු 701 දවා ගත් මෙම විශිෂ්ට ටෙස්ට් වේග පන්දු යවන්නාගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය කොදෙව්වන්ට එරෙහිව මේ වනවිට පැවැත්වෙන අතර; ඔහු පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ම ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගනිමින් එය සපුරා ගත්තා.

ජිමී සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියට සමුදුන්නේ 2015 මාර්තු 13 ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වුණු ඇෆ්ගනිස්ථාන – එංගලන්ත තරගයේ දී යි.

එමෙන්ම ඇන්ඩර්සන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරග ද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ මංගල T20 තරගය ඇරඹෙන්නේ 2007 ජනවාරි 09 වැනි දින ඔස්ට්‍රේලියාවට එරෙහිව වන අතර ඔහු එම තරග ආකෘතියට 2009 නොවැම්බර් 15 සමුදෙනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති T20 තරගයට එක් වෙමින්.

මේ වනවිට 41 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ටතම පන්දු යැවීම ලෙස දැක්වෙන්නේ ලකුණු 42කට කඩුලු 07ක්.

එක්දින පිටියේ ලකුණු 23කට කඩුලු 05ක් ද T20 පිටියේ ලකුණු 23 කඩුලු 05ක් ද ජිමී විසින් දවා ගෙන තිබෙනවා.

උසින් අඩි 06ක් ඉක්ම වූ දකුණත් වේග පන්දු යවන මෙම අසහාය ක්‍රිකට් ක්‍රීඩකයා තුන් ආකාරයේ ම තරග ආකෘතිවලින් එළඹෙන ජුලි 30 වැනි දා සිය 42 වැනි ජන්ම දිනය සමරමින් ම අවසන් කරනු ඇති!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14