ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පස්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 11 කදී රැස්කර ගතයුතු වු ලකුණු සංඛ්‍යාව 75ක්.

ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුලු 3ක් දැවි ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තා.

මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57