ජැක්සන් ඇන්තනී පවුලෙන් යූ ටියුබ් වාර්තාවක්

අපේ රටේ ඉන්න ප්‍රකට කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇන්තනී පවුල ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනි නෑ. ඔවුන් මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රකට නමක් දිනා සිටිනවා වගේම ඒ පවුලේ සියලු දෙනාම විවිධ අංශයන්ගෙන් දක්ෂතා පෙන්වන කාගෙත් ආදරය දිනාගත් පිරිසක්.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ද අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරමින් නමක් දිනා සිටින කලාකාරිනියක්. එම දෙපළගේ දූ දරුවන් වන මාධවී, අඛිල සහ සජිත කලා ක්ෂේත්‍රයේ රංගනය, නර්තනය හා නිවේදනය ආදී සෑම අංශයකම කැපී පෙනෙන දක්ෂතා දක්වන අය, ඒ වගේම ඔවුන් තිදෙනාම මේ වෙද්දි විවාහකයි.

ඉතින් ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලට යූටියුබ් සිල්වර් බට්න් 03ක් හිමි වෙලා තියෙනවා. ජැක්සන් ඇන්තනී, මාධවී වත්සලා ඇන්තනී සහ සජිත අනුත්තර ඇන්තනී තුන්දෙනා විසින් පවත්වා ගෙන යන යූටියුබ් නාලිකා 03කට අදාළව තමයි ඒවා ලැබිලා තියෙන්නේ. ඉතින් මේක එකම පවුලකට යූටියුබ් බට්න් 03ක් හිමි වූ ප්‍රථම හා එකම අවස්ථාව විදිහට සලකන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25