spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට (ඡායාරූප)

තමා ගමන් කළ කැබ් රථය වනඅලියෙකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා ඇති බව වාර්තා වනවා.

එහිදී ඔහුට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔහු ගමන් කළ කැබ් රථය ඊයේ (02) රාත්‍රීයේ අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා.

එහිදී බරපතල තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

අනතුරින් ජැක්සන් ඇන්තනී සහ කැබ් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර ජැක්සන් ඇන්තනිගේ සොයුරා ද සිටින බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 07 03 at 8.40.39 AM
WhatsApp Image 2022 07 03 at 8.40.40 AM 1
WhatsApp Image 2022 07 03 at 8.40.40 AM
WhatsApp Image 2022 07 03 at 8.40.41 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?