spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැක්සන් ඇන්තනීගේ රියේ ගැටුණු අලියා සොයන්න වනජීවී කණ්ඩායම් තුනක් – ඇමති අමරවීර

ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් මේ වනවිට යොමුකර ඇති බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියෙකු පිළිබඳ වාර්තා වී නොමැති බවත්, එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඇමතිවරයා එහිදී සඳහන් කර සිටියා.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාල අනතුරට මුහුණ පෑ අලියා ලෙස දක්වමින් සමාජ මාධ්‍යවල පළවන අලියාගේ ඡායාරුපය ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූපක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?