spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැක්සන් ඇන්තනීගේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය අද (10) පෙරවරු 7.30 සිට රාත්‍රී 11.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක දීයි.

ඉන් අනතුරුව දේහය හෙට (11) අනිද්දා (12) දෙදින තුළ වනිගසූරිය වත්ත, රාගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව මාස 14කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී ඊයේ (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අනතුරෙන් සුෂුම්නාව බිඳීයාමෙන් පසු ඇති වූ සංකුලතා ජැක්සන් ඇන්තනීගේ මරණයට හේතු වී ඇති බවයි ඊයේ (09) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?