ජැක්සන් ඇන්තනීගේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය අද (10) පෙරවරු 7.30 සිට රාත්‍රී 11.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක දීයි.

ඉන් අනතුරුව දේහය හෙට (11) අනිද්දා (12) දෙදින තුළ වනිගසූරිය වත්ත, රාගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව මාස 14කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී ඊයේ (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අනතුරෙන් සුෂුම්නාව බිඳීයාමෙන් පසු ඇති වූ සංකුලතා ජැක්සන් ඇන්තනීගේ මරණයට හේතු වී ඇති බවයි ඊයේ (09) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

  1. JACKSON DAWS 50K ICU BED EKAKA THIYAGENA INNKOTA BENAPU EWUNUTH WERADHIYI. EHEMA THIYAGENA INNA EKA HARI KIYALA UNTA BENAPU EWUNUTH WERADHIYI. DAN JACKSON MARUNAMA ANNA ANDHA HIS WELA ONA EWUN GIHIN GANILLA KIYALA BANINA EWUNUTH WERADHIYI. MEWA OKKOMA YATIN YANNE MANUSHIKA PANA GEHENA JEEWITHA WALA DUKBARA KATHAWA. KAWUDHA KEMATHI THAMUNGE EKA MARENAWATA, MARILA PALAYAN KIYANAWATA, MARALA DAPAN KIYANAWATA. API EYI WADHA WENNE JACKSON ICU BED EKAKA THIYAGENA HITIYATA. EKA HOSPITAL ADMIN, HEALTH MINISTRY HO GOVT.DECISION EKAK WENNA AHI. FAVOURISM KIYANNE EKATA. EHEMA WENNE SURGERY EKA KALA DOCTORS LA ATHIN UNA ATH WERADEEMAK NISA EYATA MEHEMA UNA NISA, EYALAGE HEART CONCIOUS ANUWA JACKSON WA MARANNA BAHE, MARENNA DENNATH BAHE. EKABE MANSHEEYA MULA DHARMA. WAYIDYA MULA DHARMA. MARENNA PANA ADINA KENAWATH BERA GANNA BALANNE. MAGEYI PIYA TA 8 WELA PANA YANAA HADANAKOTA DOCTORS LA STAFF EKA PEYA 12 WADHIYA HEART MASSAGE DUNNA. MAMA SAHA AYYA BALAGENA INDHALA KIYWA ATHI DAN YANNA DENNA KIYALA. MOKADHA MAGEYI PIYA WAYASA 50 GANAN WALA SITA MARANAYA TA SUDHANAM WEMIN EYA PILI GANNA BALA SITIMIN DHARMIKAWA JEEWATH UNA KENEK. EYA SIISUNWA PANA ALLAGENA HITIYE AYE UPADINNA SUDUSU THANAK LABENAKAM. EKA LABUNA HATIYE MEKA DALA YANAWA API MONATHARAM THIYAGANNA TRY KALATH. JACKSON UNATH EHEMAYI. EYA YANNA HITIYE MASA 14 KALIN. BALENMA VENTILATOR DALA THIYAGENA HITIYA. OKA CATHOLIC WALA UGANWANNE NAHE. EYI NISA EYALA THIYA GANNA BALUWE. NAMUTH ETHANA LOBA KAMAKUTH THIBUNA. DAN OKKOMA IWARAYI.