ජැක්සන් ඇන්තනීගේ කැබ් රියේ ගැටුණු වන අලියා සොයා මෙහෙයුමක්

ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී ගමන්ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා සෙවීම සදහා වනජීවී කණ්ඩායම් 02ක් යොදවා ඇති බව වාර්තා වනවා.

තලාව, මොරගොඩ, හතේ කණුව ප්‍රදේශයේ පෙරේදා (02) රාත්‍රියේ ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් වන අලියා ද බරපතල තුවාල ලබා ඇතැයි විශ්වාස කෙරෙනවා.

කෙසේ වෙතත් වාහනයේ ගැටුන වන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කළේ.

වන අලියා සෙවීමේ මෙහෙයුම් සඳහා මොරගොඩ, උලුක්කුලම, වීරවැව ප්‍රදේශයේ නිලධාරින් කණ්ඩායම් දෙකක් මේ වනවිට එක්ව සිටිනවා.