ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී එදින පස්වරු 3.00ට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි.

ජැක්සන් ඇන්තනීගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් කොළඹ පොලිස් මෘත ශරීරාගරය වෙත අද (09) උදෑසන රැගෙන විත් තිබෙනවා.

එහිදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

අනතුරුව රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය අද පස්වරුවේ අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

2022 වසරේ ජුලි මස 02 වනදා අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පසු ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට ඇතුළත් කළා.

එදින සිට මාස 14ක පමණ කාලයක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (09) අලුයම දැන් සමුගත්තා.

  1. ENNE APITA ONA LESA NOWEYI, JEEWATHWENNE 905K MA APITA ONA LESA NOWEYI,, MARENNETH APITA ONA LESA NOWEYI. EKA OYA KELI DANA HEMA EKAMA MATHAKA THIYA GANILLA!. ACCIDENT WELA KATHA KARA KARA SIRI PALAMU SURGERY EKEK PASSE SOMARATHNA DISSA EKKA KATHA KALA, DEWANI SURGERY EKA WERADILA SUSUMNAWA DAMAGE UNA METHUMA THAWA KALAYAK JEEWATH WENNA SITI KENEK. DOCTORS LA UNATH MINISSU. WARADINAWA. OBATHA NIWAN AWABODHA WEWA!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56