spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැක්සන්ගේ සුවදුක් බැලීමට ජනපති ජාතික රෝහලට (ඡායාරූප)

රිය අනතුරකට ලක්ව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) උදෑසන කොළඹ ජාතික රෝහලට පැමිණියා.

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර, ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ජැක්සන් ඇන්තනීගේ බිරිඳගෙන් ඉල්ලා සිටියා.

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදය ද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙස ද, ඊට සිය උපරිම සහාය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා.

7dc4ce88 4152 413b af4e 93ce6dc3e10c
50eeb632 8297 44de 95a3 fe7e4dfb33d1
47392248 2a19 4c60 bad5 2e398559bd3c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?