ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව ඔහු වසර එක හමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

අභාවප්‍රාප්තවන විට ජැක්සන් ඇන්තනී මහතා 65 වන වියේ පසු වුණා.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණේ පසුගිය 2022 වසරේ ජුලි මස 22 වනදායි.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහල වෙත රැගෙන ආවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව ඔහු වසර එක හමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

අභාවප්‍රාප්තවන විට ජැක්සන් ඇන්තනී මහතා 65 වන වියේ පසු වුණා.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණේ පසුගිය 2022 වසරේ ජුලි මස 02 වනදායි.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන ආවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී 1958 වසරේ ජුනි 08 වනදා රාගම – පොඩිවීකුඹුරේ දී උපත ලැබූ අතර, ඔහුව සුරතලයට හැඳින්වුයේ “මල්සි’ යන නමින්.

විශ්වවිද්‍යාල වේදිකාවෙන් වේදිකා රංගනයට පිවිසි ජැක්සන් ඇන්තනී නෙවිල් ඩයස් සුබසිංහගේ ‘‘වාරුවෙන් යන මිනිසුන්’’ සහ ‘‘මානවයෝ’’ මෙන්ම ඊ.එම්.ඩී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයට රංගනයෙන් දායක වුණා.

අනතුරුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’, ‘‘ලෝම හංස’’, ‘‘ධවල භීෂණ’’, ‘‘ඇත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට ඔහු චරිතාංග නළුවකු ලෙස සිය රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.

‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු ජැක්සන්ට සිනමා ක්ෂේත්‍රයට පැමිණීමේ වාසනාව උදා වුණා.

1993 දී ඔහු සිනමාවට පිවිසෙන ජැක්සන් ඇන්තනී ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායකකත්වය ලබා දුන්නා.

ඊට අමතරව භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව පෙන්වීමට ඔහුට හැකියාව ලැබුණා.

මේ අතර රූපවාහිනිය සමඟ ද සම්බන්ධවන ජැක්සන්, නළුවෙකු ලෙස මෙන්ම නිවේදකයෙකු ලෙසත් තමාගේම අනන්‍යතාවය රූපවාහිනිය තුළ තහවුරු කරගත්තා.

දේශීය සම්මාන උළෙල කිහිපයකදීම සම්මාන රැසක් දිනාගත් ජැක්සන්, ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවල දී සම්මාන රැසකට පාත්‍ර වුණා.

මෙරට කළා ක්‍ෂේත්‍රයට අති මහත් සේවාවක් කළ මෙම විශිෂ්ට රංගවේදියා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අවසන් සුසුම් හෙළුවා.

සුන්දර සිනහවකට උරුමකම් කියූ ‘පනාපුත්‍ර කුහුබුපැණියා’ ලෙස විරුදාව ලත් ජැක්සන් ඇන්තනී නම් වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණෙනි ඔබ සමාදානයෙන් සැතපේවා.

  1. EYA KOHOMATH HITIYE ANTHARA BHAWAYE SARI SARAMIN UPDINNA SUDUSUMA THANAK SOYAMIN. EKA KALIN MA WENAWA OYA VENTILATOR AYIN KARALA THIBUNA NAM. EYA YANNA THANAK HOYAGENA INNATH ATHI. NAMUTH VENTILATOR EKEN BALEN DENA OXYGEN NISA YANNA ASAWA THIBUNATH BALEN THIYA GANNA TRY KARANA NISA AKAMATHTHAKUTH THIYENNA ATHI. EYA MANASA DIYUNU KENEK. MARANAYA HADARAPU KENEK. MARANIN MATHU JEEWITHAYA GENA UGATH KENEK. EYI JEEWITHAYATA YANNA ONA KARANA DEYA EKATHU KARA GATH KENEK. EYTA KAWADA HARI YANA DAWASAKA YANNA ONA KRAMAYA DENA GENA SITI KENEK. EKA NODANNA MODA YAKKU BALEN THIY GANNA TRY KALA. EYATA ONA WENNA ATHTHE DUWAGE DRUWEK WELA UPADINNA. MOKADHA EYA DUATA MAAARA ADHAREYI. EKA KEHIPA WATHAWAK EYA KIYLATH THIBUNA. DUWATA EHEMA BAHE HARI ONA KAMAK NAHE HARI WENNA HAKIYI. NAMUTH ONA KAMAK APU DAWASATA EYA DUWA GAWATA EKKA SERI SARAMIN INDHIYI. DUWAGE YUTHUKAMA WENNE AYE MARRY KARALA EYAGE ASAWA ITU KARANA EKA. JACKSON KIYANNE MAHA DANUM SAMBHARAYAK. OYAGE AGAMA ANUWA OYA DEWU PIYANAN GE THURUATA YEWA! OYAGE WIFE GE AGAMATA ANUWA OYATA NIWAN SUWA LABEWA.