ජාවාරම්කරුවෙක් අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිල්ලක් පත්තුවේ (ඡායාරූප)

බදින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකළ පොලිස් නිලධාරියෙකු ඊයේ (01) රාත්‍රීයේ තුවාල ලබා ඇති බව ධර්මපුරම් පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, කසිප්පු ජාවාරම්කරුවෙකු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ බදින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිළධාරියා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 37 හැවිරිදිවියේ පසු වූ පොලිස් නිලධාරියෙක්.

ධර්මපුරම්, කෝරමොටෙයි ප්‍රදේශයේ කැළැවක සිදුකරන කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ජාවාරම්කරු අල්ලාගැනීමට මෙම මෙහෙයුම සිදුකරන අතරතුර දී, සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බදින තුවක්කුවක් අදාළ පොලිස් නිල ධාරියාට පත්තු වී ඇති බව සඳහන්.

තුවාලකරු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, තුවාලකරුගේ තත්ත්වය තරමක් බරපතල බවත් කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Darmapuram 02
Darmapuram 03
Darmapuram 01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51