spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාවාරම්කරුවෙක් අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිල්ලක් පත්තුවේ (ඡායාරූප)

බදින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකළ පොලිස් නිලධාරියෙකු ඊයේ (01) රාත්‍රීයේ තුවාල ලබා ඇති බව ධර්මපුරම් පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, කසිප්පු ජාවාරම්කරුවෙකු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ බදින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිළධාරියා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 37 හැවිරිදිවියේ පසු වූ පොලිස් නිලධාරියෙක්.

ධර්මපුරම්, කෝරමොටෙයි ප්‍රදේශයේ කැළැවක සිදුකරන කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ජාවාරම්කරු අල්ලාගැනීමට මෙම මෙහෙයුම සිදුකරන අතරතුර දී, සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බදින තුවක්කුවක් අදාළ පොලිස් නිල ධාරියාට පත්තු වී ඇති බව සඳහන්.

තුවාලකරු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, තුවාලකරුගේ තත්ත්වය තරමක් බරපතල බවත් කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Darmapuram 02
Darmapuram 03
Darmapuram 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?