ජාතික හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනක්

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස්කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ, අනුව ජාතික හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ඇත්නම්, ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙසයි දැනුම් දෙන්නේ.

වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දෙනවා.

මේ වන විට අස්වැසුම ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790 දෙනෙකුට සහ තැපැල් කාර්යාල මගින් 232,496කට මෙම වැඩිහිටි දීමනාව ලබාදීම සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33