ජාතික විගණන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවක අනුමැතිය

පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ආයතනයක විගණනයක් සිදු කිරීමේදී විගණකාධිපතිවරයා විසින් සොයා ගන්නා ලද ඕනෑම වංචාවක්, දූෂණයක් හෝ අයථා පරිහරණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම සංශෝධනයේ ප්‍රමුඛ අරමුණයි.

එමෙන්ම, විගණනයට ලක්වන ආයතනයක ඕනෑම ගනුදෙනුවක ඇති ඕනෑම අඩුපාඩුවක් හෝ අලාභයක ප්‍රමාණය මත අධිභාරයක් පැනවීමට අධිභාර සමාලෝචන කමිටුවට නිර්දේශ කිරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීම, විගණකාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ සලකා බැලීමට, අධිභාරයක් ලෙස පැනවිය යුතු මුදල තීරණය කිරීමට අධිභාර සමාලෝචන කමිටුවට බලය පැවරීම සහ අධිභාර ප්‍රමාණය සහ අධිභාරය අයකර ගැනීම තීරණය කිරීමේදී අධිභාර සමාලෝචන කමිටුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නිශ්චිතව දැක්වීමට විධිවිධාන සැපයීම සංශෝධන පනත් කෙටුම්පතේ අරමුණු අතර වනවා.

ඉහත කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, කමිටුව 2024 වර්ෂය සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2022 සහ 2024 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා සහ 2023 වර්ෂය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද සළකා බලා අනුමැතිය ලබාදීම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49