ජාතික රෝහලේ රසායනාගාර සේවා සීමා කරයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.

ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ ද වූයේද මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

මේ අතර අද දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම හේතුවෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බවටත් එම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවතටත් ඔහු චෝදනා කළා.

පවතින තත්ත්වය නිසි ආකාරයෙන් අවබෝධ කර නො ගෙන රෝහල්වල දෛනික කටයුතු සිදු කරගෙන යාමේ දී අංශ ප්‍රධානීන් හා එක්ව සාකච්ඡා කොට ගනු ලබන තීරණ දේශපාලනික තීරණ වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා තුළ මතු ව ඇත්තේ අප්‍රසාදයක්.

එමෙන්ම මෙම චෝදනාව මතු මතුකළ මතු කළ රාජ්‍ය අමාත්‍යවරයා අද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටිමින්ම එම චෝදනාව සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි අප්‍රසාදය පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19