ජාතික රෝහලේ කාන්තා යට ඇඳුම් හොරා අල්ලයි

කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ ඇතුළු වී කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කළ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා මරදාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරු අල්ලාගන්නා අවස්ථාවේ දී එලෙස සොරකම් කරන ලද කාන්තා යට ඇඳුම් කිහිපයක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය කාලයේ දී කාන්තා නේවාසිකාගාරය තුළ කාන්තා යට ඇඳුම් සීඝ්‍රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට ද දැනුම් දී තිබෙනවා.

ඒ, පිළිබදව අවධානයෙන් සිටි ආරක්ෂක අංශයේ නිලධාරීන් අද (19) අලුයම සැකකරු සුපුරුදු ලෙස නේවාසිකාගාරයට ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී හසුකර ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස අල්ලාගත් සැකකරු මරදාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, ඔහු සෞඛ්‍යය කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙකු බවටයි හඳුනගෙන ඇත්තේ.

37 හැවිරිදි වියේ පසුවන සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. පුදුමය කියන්නේ රෝහලේ ඉන්නා කට්ටියට මේ මිනිහගේ ලෙඩේ තේරුම් ගන්න බැරි කමයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14