ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමය තවත් පියවරක් ඉදිරියට තබමින්, 2025 සිට 2027 දක්වා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ (NRASL) සභාපතිත්වය පසුගියදා නාවික හමුදාවෙන් ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාර දුන්නා.

ශ්‍රී ලංකා නාවික හමුදා කොළඹ කඳවුරු පරිශ්‍රයේ දී පැවති ජාතික රයිෆල් සංගමයේ මහ සභා රැස්වීමේ දී හිටපු සභාපති වන නාවික හමුදාවේ රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා විසින් නව සභාපති ලෙස පත් වු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා වෙත නිල වශයෙන් භාර කෙරුණා.

මෙම අවස්ථාවේ දී ජාතික රයිෆල් සංගමයේ ප්‍රධාන තනතුරු නාවික හමුදා නිලධාරීන් විසින් ගුවන් හමුදා නිලධාරීන් හට ද නිල වශයෙන් භාර දීම ද සිදු වුණා.

මෙහිදී ( Practical Shooting, Metallic Silhouette Shooting, Sporting Clay Shooting ) වෙඩි තැබීම ඇතුළු ඔලිම්පික් නොවන වෙඩි තැබීමේ ඉසව් කිහිපයක් සඳහා ජාතික පාලක මණ්ඩලය ලෙස ජාතික රයිෆල් සංගමය ක්‍රියා කරන අතර මෙම වෙඩි තැබීමේ ඉසව් ජාතික රයිෆල් සංගමය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ පුළුල් අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

එම අවස්ථාව අමතමින් නව සභාපති වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය හා වගකීම පිලිබඳ ව අවංක කෘතඥතාව පළ කළ අතර සංගමයට පවරා ඇති වගකීම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොසැලී කැපවීමෙන් කටයුතු කරන බවට එම අවස්ථාවේ ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගම්වල නියෝජිතයින්, ප්‍රවීණ වෙඩික්කරුවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුණා.

ඒ අනුව තේරී පත් වූ ජාතික රයිෆල් සංගමයේ නව නිලධාරීන් වන්නේ;

සභාපති – මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම
ලේකම් – ගෘප් කැප්ටන් චමින්ද හේරත්
සහකාර ලේකම් – ස්කොඩ්‍රන් ලීඩර් මනෝජ් විජේවික්‍රම
භාණ්ඩාගාරික – වින්ග් කමාන්ඩර් මිලාන් සිල්වා
උප භාණ්ඩාගාරික – ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්න කුමාර‍ගේ
නීති උපදේශක – වින්ග් කමාන්ඩර් ප්‍රබුද්ධ දහනායක
සැපයුම් සම්බන්ධීකාරක – ස්කොඩ්‍රන් ලීඩර් ශමිල ගුණසේකර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27