ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

සැමරුම් උත්සවය පැවැත්වෙන පස්වරු 4.00 සිය 6.00 දක්වා කාලසීමාව තුළ මාර්ග වසා දැමීමක් සිදු නොකරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවක් සිදුවුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුළුවීම සීමා කරන බවයි පොලිසි වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර විකල්ප මාර්ග ලෙස කොළඹින් පිටවන වාහන සදහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන්කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියාව පවතිනවා.

එමෙන්ම කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියෙන් පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන්කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06