spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික පුෂ්පය ‘මානෙල්’ ද ? ‘නිල් මානෙල්’ ද ? – කෝපා කමිටුවේදී ඇදුණු ජාතික පුෂ්පයේ ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසි පරිදි ජනතාව දැනුවත්කිරීම් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළ ද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බව කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබෙනවා.

ඒ හේතුවෙන් 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි එම කමිටුව පවසන්නේ.

එම නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බව ද කාරක සභාව නිරීක්ෂණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?