ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහන ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සාර්ථකව අවසන් වුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි සහ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර යන මහත්වරු මෙම තෙදින වැඩසටහනට ආරාධිතයෝ ලෙස සහභාගි වුණා.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්.ඒ. රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මැදිහත් වීම යටතේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ මෙහෙය වීමෙන් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සම්පත්දායකත්වය ලැබී තිබෙනවා.

මෙම වැඩසටහනේදී විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කෙරුණා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, දැනුම පදනම් කර ගත් සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙය වීමට අවශ්‍ය ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී, ඒ සඳහා පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය ලබා ගැනීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී, ජාතික අවශ්‍යතා සමඟ සමපාත වීම සහතික කිරීම වෙනුවෙන් පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණා.

ඒ අනුව එම ක්ෂේත්‍රයට අදාළ වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මධ්‍යගත යාන්ත්‍රණය සකස් කිරීම සඳහා අනාගතවාදී ප්‍රතිපත්තියක් සැකසීම මෙයින් අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් සහ වටිනාකමක් ලබා දෙන මනා දැක්මක් සහිත නායකත්වයක් වර්තමානයේ පවතින බව පෙන්වා දුන්නා.

ආර්ථික ප්‍රගතිය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසරභාවය මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ ප්‍රධාන පරමාර්ථ බව සඳහන් කළ ඒ මහතා, එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය යොදා ගන්නා ප්‍රමාණය 60%ක් පමණක් බවත්, ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුතු ජනතාවක් මෙරට සිටින බැවින් ඔවුන්ගේ ශක්‍යතාවලින් නිසි ප්‍රයෝජන ගැනීමට මෙම ප්‍රතිත්තිමය එළැඹුම ඉතා වැදගත් වන බව වැඩිදුරටත් පැවසුවා.

ලෝකයේ සංවර්ධිත රටවල් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 3% – 5% අතර ප්‍රමාණයක් වෙන් කරන අතර, ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ක්ෂේත්‍රය සඳහා මෙතෙක් වෙන් කර ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත්, වත්මන් රජය යටතේ එම තත්ත්වය වෙනස් වීම සතුටට කරුණක් බවත් පැවසූ උඩුගමසූරිය මහතා පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම නවෝත්පාදන ක්ෂේත්‍රයේ උන්නතියට මෙන්ම ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළා.

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්.ඒ. රොහාන් ප්‍රනාන්දු මහතා වැඩසටහනෙහි ආරම්භක දේශනය සිදු කරමින් සඳහන් කළේ, පර්යේෂණ සඳහා නෛතික රාමුවක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආචාරධාර්මික රාමුවක් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත මගින් යෝජනා කෙරෙන බවයි.

මෙමගින් ඉන්දියාව, චීනය, මැලේසියාව සහ කොරියාව ආදී රටවල්වල පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර හා සමානව ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව, මෙරට තුළ පර්යේෂණයට සහ නවෝත්පාදනයට හිතකර පරිසරයක් ඇති කිරීම, පර්යේෂකයන් සහ නවෝත්පාදකයින් දිරිගැන්වීම, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගනිමින්, ඒ වෙත යොමු වූ නව නිපැයුම් හා පර්යේෂණ සඳහා පුළුල් වේදිකාවක් සැකසීම, එම පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කිරීම, නිසි ලෙස වාණිජකරණයට ලක් කිරීම ආදී අරමුණු 10ක් මුල් කර ගනිමින් මෙම ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබෙනවා.

සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම, සඵලදායී පාලනය, විශ්වාසනීයත්වය සහ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම, විවිධත්වය පිළිගැනීම සහ අන්තර්කරණය ආදී මූලධර්ම 07කින් යුතුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආදී කරුණු ද අවධානයට ගෙන තිබීම විශේෂත්වයක්.

රජය, පෞද්ගලික අංශය, සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර කොටස්කරුවන් යන අංශ හතරෙහි ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එසේම, කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, විද්‍යා සහ අධ්‍යාපන, තාක්ෂණ අංශ, ස්වභාවික සම්පත්, ආර්ථික සහ ජාතික ආරක්ෂාව, කලාව සහ මානව සංවර්ධනය ආදී ප්‍රධාන තේමා 07ක් ඔස්සේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වර්ගීකරණයට ලක් කර තිබෙනවා.

වැඩසටහනේ සමාප්ති දේශනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි මහතා විසින් සිදු කරන ලද අතර, මෙම වැඩසටහන තනිව නොව කණ්ඩායමක් ලෙස සාමුහිකව, සහයෝගීතාවෙන් ක්‍රියාවට නැංවිය යුත්තක් බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරන බවත් පැවසුවා.

තෙදිනෙහිම පස්වරු 2.00 සිට 4.00 දක්වා පැවති දැනුවත් කිරීමේ සැසිය අවසානයේ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබූ අතර, මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුළු විද්වත් මණ්ඩලය විසින් ඒ සඳහා පිළිතුරු හා පැහැදිළි කිරීම් සැපයූවා.

මෙම තෙදින වැඩසටහන තුළ අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු, පීඨාධිපතිවරු, අංශ ප්‍රධානීනු ඇතුළු විද්වත්හු, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන නියෝජිතයෝ, ස්වාධීන පර්යේෂකයෝ ආදී වශයෙන් 650කට අධික පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02