“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙනු ලැබුවා.

මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ තාවකාලික කමිටුව විසින්.

එහි සම සභාපතිවරුන් ලෙස විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික නව නිපැයුම්කරුවන්ගේ ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු කටයුතු කරනවා.

මෙම වාර්තාව, විවිධ විෂයන්හි විශේෂඥයින් 26 දෙනෙකුගේ මෙන්ම, පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ වන අමාත්‍යාංශ 15ක උප කමිටු සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.

මෙම වාර්තාවෙන්, 2026 වසරට අදාළ පර්යේෂණ, සංවර්ධන ප්‍රමුඛතා සහ එහි දිශානතිය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, කෘෂිකර්මාන්තය, බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් පරිවර්තන, තාක්ෂණික, සෞඛ්‍ය, කාර්මික, සංචාරක සහ සමාජ සංවර්ධන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙන නිර්දේශ අන්තර්ගත වනවා.

මෙය, පර්යේෂණ සහ සංවර්ධනය රටේ දිගුකාලීන සමාජ-ආර්ථික දැක්ම සමඟ පෙළගැස්වීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්බන්ධීකරණ වාර්තාවද වනවා .

මෙම කර්තව්‍යය, කෙටි කලකින් ස්ථාපිත කිරීමට නියමිත ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තියේ (NRDP) ප්‍රධාන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයක් වන අතර, එය සම්පාදනය කරන තුරු මෙම ක්‍රියාවලිය තාවකාලිකව මෙම කමිටුව මගින් ඉටු කරනවා.

NRDP සම්පාදනය කිරීමෙන් පසු, මෙම පර්යේෂණ ප්‍රමුඛතා ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සහ විශේෂ අවධානය යොමු විය යුතු අංශද හඳුනා ගනිමින් ක්‍රියා කරනු ඇති අතර, පර්යේෂණ මත පදනම් වූ තීරණ ගැනීම තුළින් නිෂ්පාදනය ප්‍රමුඛ කර ගත් ආර්ථිකයකට වඩා සඵලදායීව සහ උපායමාර්ගිකව දායක වීම මූලික අරමුණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16