ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය කොළඹදී

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන 2023 ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත් වීමට සැලසුම් කර තිබෙනවා.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂිතයි.

දින 03ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වණු අතර එහිදී තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම යන මහත්වරු ඇතුළු නියෝජිතයින් අදහස් දැක්වූවා.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තය කැපී පෙනෙන වර්ධනයක් සමඟ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන අතර 144,000කට අධික වෘත්තිකයන්ට රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂි භුමිකාවක් ඉටු කරන තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ලබයි.

ඒ අනුව 2022 වසරේ දී මෙම අංශය ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක් පමණ උපයා ඇති අතර එම ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

ගෝලීය වශයෙන් මේ වන විට ඩිජිටල්කරණය, ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය ඉහළ යමින් පවතී. ඒ සමග අනුගත වෙමින් අපේක්ෂිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නිපුණතා වර්ධනය සිදු කළයුතුව තිබෙනවා.

එසේම මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබා දෙමින් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය ලක්ෂ 200,000ක් දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම මෙම කර්මාන්තය මඟින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 15%ක දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන අතර එය ශ්‍රී ලංකාව ආර්ථික භූ දර්ශනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරමින් වඩාත් සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැංවීමට ඉවහල් වනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මගපෙන්වීමෙන් තාක්ෂණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලය (FITIS), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) සහ අනෙකුත් තාක්ෂණික අධ්‍යාපන ආයතන එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51